අපිත් සතුටින්…අලිත් සතුටින්…අලින් එක්ක සුහඳව හේන් කරන අපූරු මිනිස්සු.

0

“අපි අලින්ට කන්නමයි අපි වගා කරන්නෙ. එතකොට අලින්ගෙ බඩ පිරෙනවා වගේම අපේ පොල් පැළ වලට කිසිම හා’නියක් කරන්නෙ නෑ.

මොකද අලියගේ වුණත් හොඳට බඩ පිරෙනවා. අපිත් සතුටින් අලිත් සතුටින් කලා යන්නෙ වත්තට ඇවිල්ලා.ඒ ඇවිල්ලා කාලා ගියාම ආයෙම අපි ගස් වෙනුවට ආයෙම ඒ තැන්වල කෙසෙල් මඤඤොක්කා හිටවනවා.’’

අවුරුද්දෙන් මාස නවයක්ම ඉඩෝරයෙන් බැ’ට කන වන අලි ඇතුළු වන සතුන්ගේ පිරි කැලෑබද ප්‍රදේශයක වන චන්ද්‍රා කුමාරි සිය සැමියාත් ඔවුන්ගේ දරු දෙදෙනාද සමගින් නවගත්තේගම, 643 මොරගහවැව පහළ දොඩම් අත්තෑව ගමේ ජීවත් වෙති.පහළ දොඩම් අත්තෑවේ බොහෝ දෙනාගේ ජීවිකාව හේන් ගොවිතැනයි. අවුරුද්දෙන් මාස නවයක්ම ඉඩෝරයෙන් බැ’ට කන ගම්මුන්ට අලිගෙන්ද සිදුවන ක’රදර එමටය.

ඩබ්ලිව්. ටී. එම්. චන්ද්‍රා කුමාරි ද තම පවුලේ අය සමගින් එකතුව සිදුකරන අපූරු හේන් ගොවි තැන් පිළිබඳව මෙසේ හඬ අවදි කළාය.

“අපි මේ පැත්තේ පදිංචියට එනකොට හිස් ඉඩම විතරයි තිබුණේ. මමයි මගෙ මහත්තයයි එකතුවෙලා වල් කො’ටලා උදුළු ගාලා පොල් වළවල් අතින් ක’පලා වතුර කරෙන් ඇදල ගෙනල්ලා දාලා කුකුල් පොහොරයි පොල්ලෙලි දාලා පොල් වගාවක් මුලින්ම පටන් ගත්තා.

එහෙමයි අපි වගා කරන්න මුලින්ම පටන් ගත්තේ. පස්සෙ අපි අපිට ඕන කරන බෝග හැම දෙයක්ම වගා කරගත්තා. කිසිම වෙලාවක රසායනික පොහොර දාලා නෑ අපේ වගාවට.

තෙල් වෙනුවට කොහොඹ කොළ, පාවට්ටා කොළ, දහස්පෙතිය වගේ ඒවා පල් කරල පල්පයක් වගේ හදල අපි ඒවා බෝගවලට දැම්මා.

එහෙම තමයි මේ හැම ගොවිතැනක්ම කරලා අක්කර දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් වගා කරල තියෙන්නෙ.’’

බොහෝදෙනා වගා කිරීම ඉඩකඩ පහසුකම් නැතැයි කියන යුගයක චන්ද්‍රා ඒ බව බො’රුවක් යැයි තහවුරු කරමින් වගා පවත්වාගෙන යන්නේ සිය භූමියෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි.

අලින්ගෙන් ගහන මෙම ප්‍රදේශයේ තම වගාව පවත්වාගත් ආ ආකාරය ද ඇය මෙසේ කියා සිටියාය.

“අපේ මේ වත්තට නිතර නිතර වන අලි එනවා. හැබැයි කිසිම වෙලාවක ස්ථීර භෝගයක් වි’නාශ කරලා නෑ. මොකද මම පොල් වගාව වටේට අලින්ට කන්න කෙසෙල් මඤ්ඤොක්කා වගේ පැළ හිටවලා අලින්ට කන්න වගා කරලා තියෙනවා.

මේ මඤ්ඤොක්කා ගහක සාමාන්‍යයෙන් කිලෝ 15ක විතර අල බහිනවා. කෙසෙල්වල කිලෝ 20ට වඩා වැඩි කැන් හැදෙනවා. ඉතින් සත්තුන්ට කෑම ඇති වෙනකම්ම කන්න දීල තමයි අපි යවන්නේ. ඒක නිසා අක්කර දෙක තුනකම තියෙන වෙන කිසිම වගාවකට කිසිම හා’නියක් කරන්නෙ නෑ.

පැනි දොඩම් යායක් තියෙනවා ඒ පැත්තකටවත් කුරහන් අමුමිරිස් බණ්ඩක්කා තුඹකරවිල වගේ හැම එළවළුවක්ම වගා කරල තියෙනවා.

දෙළුම්, අනෝදා, දොඩම් වගේ හැම පලතුරක්මත් වගා කරල තියෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් අලි ඇවිල්ලා ඒ ගහකටවත් කිසිම හා’නියක් කරල නෑ මේ වෙනකම්ම. ’’ඇය වැඩිදුරටත් කියා සිටියාය.

රුමේෂ් ඉසුරංග – අරුණ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here