සහන දෙනකන් බැන්න…දැන් දුන්නට පස්සෙත් බනිනව – ජොන්ස්ටන් ප්‍රනාන්දු

0

මාවතගම මෙම විසල් ජල යෝජනා ක්‍රමයට 2014 වසරේ දෙසැම්බර් මාසයේ දී මුල්ගල තැබුවා. මෙම ජල යෝජනා ක්‍රමය ඉදිකිරීම වෙනුවෙන් රු.ලක්ෂ 31,000ක් වැය කලා.

අපි සාධාරණ ආණ්ඩුවක්. අපි කිසිම තැනක ආගම් බේ’දය , ජාති බේ’දය වපුරන ආණ්ඩුවක් නොවෙයි .ජාතිබේද ,ආගම් බේදය වපුරනවා කියලා විපක්ෂය අපිට ම’ඩ ග’හනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ,මැලේ යන සියලුම ජන කොටස් වල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. අති සාර්ථකව පළමුවන දෙවන සහ තුන්වන එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කල නායකයා ලෙස එතුමා ඉතිහාසගත වෙනවා .එන්නත්කරනය ජණය ජනතා වෙත ලබාදීම තුළින් එතුමා මහත් පිනක් රැස් කරගත්තා.

අපේ අල්ලපු රටේ මිනිස්සු හිටගෙන ඉද්දි මැ’රී වැ’ටෙනවා අපි දැක්කා. අපේ ජනතාව ඔක්සිජන් නැතුව මැ’රෙයි, රෝහල් වල ඇඳවල් නැතුව මිනිස්සු මැ’රෙයි , කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ දෙකක් විතර මැ’රෙයි කියා අපේ විපක්ෂය අනාවැකි පල කලා. එන්නත් ගෙනාපුවාම එන්නත් ගන්න එපා කිව්වා. එන්නත් කරගත්තු අය අවුරුදු 2ක් යන්න කලින් මැ’රෙයි කිව්වා.එන්නත් වලින් අ’තුරුආ’බාධ ඇති වෙයි කියලා විපක්ෂය ජනතාව අතර අනිසි බි’යක් ඇති කලා.

ජනතාවට එහෙම කියපු නායකයෝ හොරෙන් ගිහින් එන්නත් ලබාගත්තා. නමුත් ඔවුන්ට ඡන්දය ලබා දුන් ජනතාවට සනත් ලබාගන්න කියලා ඔවුන් කිව්වේ නැහැ. ප්‍රේමදාස දිසානායක සුසංයෝගය කොවිඩ් වසංගත කාලයේදී ඔවුන්ගේ ඡන්ද දායකයින් පුළුවන් තරම් උ’සිගන්වලා පාරට බස්සලා , ඔවුනට කොවිඩ් බෝ කරලා, ඔවුන්ගේ ම’ළමි’නී මතින් තමන්ට දේශපාලන බලය ලබාගන්න තමයි විපක්ෂය කටයුතු කළේ.

මේ රට සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා. රට බං’කොලොත් වීමට අපි ඉඩ තියන්නේ නැහැ. ඩොලර් නැතුව රට බංකොලොත් වෙයි , 15 වෙද්දී රටේ ආර්ථික කඩා වැටෙයි කියලා විපක්ෂය බලාගෙන ඉන්නවා. මේවා මේ තාවකාලික ප්‍රශ්න. අපිට වගේම ලෝකයේ අනෙකුත් රටවලට වලටද මේ ප්‍රශ්නය බලාපා තිබෙනවා.

දූ’ෂණයෙන් තොරව මේ රට පාලනය කරන්න බලය ලබාගත් අපේ අතිගරු ජනාධිපතිතුමා මේ රට හදනවා. සංවර්ධනය කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේත් විපක්ෂය ග්‍රීස් ය’ක්කු මැව්වා. පාර්ලිමේන්තුවේ බලය අහිමි වෙයි , මෙහෙන් එහෙට තිහක් හතළිහක් යයි කිය කිය එක එක ය’ක්කු මේ දවස්වල මවනවා. සමහර අය ඒ හීන මාලිගා ඇතුලේ ඉඳගෙන අපිට ග’හනවා. අපි ඒවා ඒ තරම් ගනන් ගන්නෙ නැහැ . අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් උනා මේ රට සංවර්ධනය කරනවා කියලා. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. ලෝකයටම බලපාපු කොවිඩ් වසංගතය අපි සාර්ථකව පාලනය කළා . සාර්ථක එන්නත්කරණය තුළින් ලෝකයේ ප්‍රබල රටවල් අභිබවා අපි ඉදිරියෙන් සිටිනවා.

අපිට අකමැත්තෙන් ඉන්ධන මිල වැඩි කරන්න සිදුවුණා .අපි කවුරුත් ඒවාට කැමති නැහැ . අලුත් අවුරුද්ද ලබද්දී ජනතාවට අපි සහන ලබා දුන්නා . විපක්ෂය චෝ’දනා කරනවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන අපි මේ දේවල් කළා කියලා .

සහන දෙනකන් අහනවා දෙනවායි කියපු සහන කෝ කියලා. සහන දුන්නාම කියනවා බියගම තිබෙන කර්මාන්තශාලාවෙන් අච්චු ගහලා දෙනවයි කියලා . දෙනකම් අපිට බැන්නා දුන්නට පස්සේ ම’ඩ ග’හනවා . ජනතාවට සහන ලැබෙද්දී විපක්ෂයේ පපුවල තිබෙන කු’හකකම් එලියට එනවා. පක්ෂය ඔබව වට්ටන්න හැදුවත් වැටෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා .

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මාවතගම විසල් ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට පසුගිය දා සහභාගි වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here