අඩි හයක වලකට උඩින් ගින්දර දමා පැයක් ඒ තුළ සිට ලෝක වාර්තාවක් පිහිටුවයි.

0

අඩි හයක ගැඹුරට මහ පොළොවේ වළක් යට වාඩිවී ලෑලි දමා වල සම්පුර්ණයෙන් පස් වසා ඒවට ගි’න්දර දමා පැයක පමණ කාලයක් වල යට සිටිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (09දා) රාත්‍රී දී මාතලේ නගර මධ්‍යයේදී මාතලේ තරුණයෙකුට හැකිවිය.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම බි’හිසුණු ලෝක වාර්තාව ලබා ගත්තේය මෙම තරුණයා ඉන්දියාවේ ලෝක වාර්තා කමිටුවක සහයෝගය ලබාගෙන රටවල් 27ක ලෝක කමිටු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආයතනයේ අධීක්ෂණය යටතේ පැයක පමණ කාලයක් මේ ආකාරයෙන් වල යට රැඳී සිටිමින් තම ශක්තිය ලොවට පෙන්වා ලෝක වාර්තාව ලබා ගත්තේය.

May be an image of 6 people, outdoors and tree

මාතලේ මන්දන්ඩාවෙල ප්‍රදේශ්යේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙම බි’හිසුණු අදත්දැකීම් සහිත ලෝක වාර්තාවට 09 දින පස් වනුයේ සූදානම් කොට තිබුණි සර්ව ආගමික වත් වතාවත් ඉෂ්ඨ සිද්ධ කරමින් මෙම තරුණයා ලෝකවාර්තාව වාර්තාව පිහිටුවීම සඳහා සූදානම් වීම විශේෂත්වයකි.

මෙහිද දී අඩි හයක වලක් ක’පා ඒ යට රාත්‍රී ක්‍රියාත්මක වන ආරක්ෂිත කැමරා දෙකක් සවි කොට වළ යට භාවනා යෝගීව වාඩිවී සිටියදී වල මත ලෑලි දමා පස් වලින් සම්පූර්ණයෙන්ම වසා දමා වල වට දරසෑයක් සකසා පැයක පමණ කාලයක් එක දිගට භූමිතෙල් වත් කරමින් එම සියලු දරසෑය ගි’නි තැබීම තැබීම සිදු කරති.

May be an image of 2 people

එම ස්ථානයේ සවි කොට ඇති පුළුල් තිරයක පැයක පමණ කාලය ගෙවී යන ආකාරය නැරඹීම සඳහා පැමිණි අයට ප්‍රදර්ශනය කර තිබිණි ,එමෙන්ම වල ඇතුලේ ඔහු සිටින ආකාරය පිළිබඳව අධික්ෂණ කමිටුව දැක බලා ගැනීම සඳහා වෙන්ම ස්ථානයක නිරීක්ෂණය ට සුදානම් කොට තිබිණි . මීට පෙර ගි’නි දැල්වීම කින් තොරව මෙයාකාරයෙන් වලක් යට පැයභාකයකට අඩු කාලයක් සිටිමින් වෙනත් රටක අයකු ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.

May be an image of 8 people, fire and outdoors

May be an image of 3 people and people standing

May be an image of 7 people, people standing and text that says 'ARE Certificate 1 S Certifica'

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here