අඩි 20ක් උඩ ඉදල වැ’ටී අත් දෙකම නැති උන පද්මසිරි බිම් කො’ටයි.

0

“2007 අවුරුද්ද තමයි මගේ ජීවිතයට අඳුර ගෙන ආ අවුරුද්ද. මම අඩි 20ක් විතර උස ටැංකියක වහල ග’හන්න ගිහින් (හයිටෙන්ෂන් ලයින්) අ ධි බ’ලැති විදුලි වයරයක ගැවිලා ටැංකියෙන් බිමට වැ’ටුණේ. මට සිහිය තිබුණේ නෑ වැ’ටිච්ච වෙලේ ඉඳලා. මට සිහිය ඇවිත් බලද්දි අත් දෙකම හි රි වැ’ටිලා. කොළඹ මහ ඉස්පිරිතාලේ ඇඳක ඉන්නේ කියලා සිහිය එද්දියි දන්නේ.

ඔහොම දවස් පහක් ඉස්පිරිතාලේ ඉඳිද්දී තමයි මගේ දකුණු අත කැ’පුවේ. අත් හෙඳටම පි”ච්චිලා තිබිලා ස්නායු මැ’රිලයි තිබුණේ. එකයි අත් කැ’පුවේ. එදා මම ගොඩාක් අ’සරණ වුණා දෙවියනේ මට කරකියා ගන්න දෙයක්වත් මතකෙට ආවේ නෑ.

මම දැන් හරිම අසරණ වෙලා ඉන්නේ.’’ යැයි දෑත් අහිමි එක් දරු පියකු වන පද්මසිරි කුමාරගේ හැඟීම් බරව කියා සිටියේය.මැදවච්චිය තුලානේ පදිංචි 40 හැවිරිදි පද්මසිරි කුමාරගේ වෘත්තියෙන් යකඩ පෑස්සුම් ශිල්පියකි.ඔහු සිය වෘත්තිය ඉතා දක්ෂ ලෙස සිදු කළ අතර දිවයිනේ බොහෝ ස්ථානවලද සේවය කර තිබිණි.

ඔහු මෙම අ’වසනාවන්ත සිද්ධියට මුහුණපා ඇත්තේ 2007 වර්ෂයේදීය.පද්මසිරි කොළඹ ප්‍රදේශයේ ජල ටැංකියක පෑස්සුම් කටයුත්තක් සිදු කරමින් සිටියදී අ ධි බ’ලැති විදුලි රැහැන් පද්ධතියක ගැ’ටී විදුලි ස ර වැ දී තිබිණි.

එම අ’නතුරින් දැ’ඩි ලෙස පි’ලිස්සුම් තු’වාල තිබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දින දින 05කට පසු දකුණු අත සහ වම් අත ක පා ඉවත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කර තිබිණි. ඒ ඔහුගේ දෑතට විදුලි ස ර වැ දී බ’රපතළ තු’වාල ඇතිව ස්නායු අ’ක්‍රීය තිබූ නිසා දෑතම ඒ වන විට අහිමිව තිබුණේය.

එසේ ජීවිතයට ආ බා’ධකය ජය ගනිමින් ජීවත් වීමට මහත් වෙහෙසක් දැරූ පද්මසිරි සහ ඔහුගේ භාර්යාව වන ගීතිකා ප්‍රියදර්ශනී එක් දරුවකු සමග ජීවිතය ගැට ග සා ගැනීමට අපමණ වෙහෙසක් දරා ඇත.

ඒ අනුව පරණහම්මිල්ලෑව ගමේ පුංචිවට සිල්ලර කඩයක් සහ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළේය. ඒ අතර ඔහුගේ බිරිය රෙදි මැසීම ආරම්භ කරමින් දෛනික ජීවිතයට පනම් හොයා ගත්තේ කිසි අයකුට බරක් නොවී ජීවත් වීමටය.

තම පවුලේ ජීවිතය ගොඩ ගැනීම පිළිබඳ පද්මසිරි කුමාරගේ අරුණ සමග මෙසේ කියා සිටියේය.

“ මගේ දහඩිය මහන්සිය නැවත වතාවක් කොවිඩ් මා’රයා බිලි ගත්තා. මගේ දරුවා කැම්පස් යන්න තේරුණත් වියදම් කරන්න විදියක් නැති නිසා එයා අද ගෙදරට වෙලා රැකියාවක් හොයනවා අපිව ජීවත් කරවන්න. මම මගේ වැඩ සහ ගෙදර වැඩ තනියෙම කර ගන්නවා. රැකියාවක් විදිහට සිල්ලර වෙළෙඳාම කළා. දැන් අතේ තිබුණ සල්ලි වියදම් වෙලා කඩේ කරගෙන යන්න විදිහක් නෑ.

කොරෝනා කාලයේ ඒ සල්ලිවලින් තමයි දරුවාගෙත් බිරියගෙත් බඩ පිරෙව්වේ. ඒ අතරේ මම ගෙවතු වගාවත් කරනවා. රටට බරක් වෙන්න කැමැති නෑ. නමුත් දැන් මම ගෘහ මූලිකයා ලෙස දුර්වල වෙලා අන්ත අ’සරණ වෙලා ඉන්නේ. මම හැමොගෙන්ම පුංචි ඉල්ලීමක් කරනවා මට මේ කර්මාන්ත නැවත කරගෙන යන්න අත හිත දෙන්න කියලා. ’’

කොවිඩ් වසංගතයත් සමග පද්මසිරිට සහ ඔහුගේ බිරිය ගීතිකාට ද ජීවත් වීම දැ’ඩි ත’ර්ජනයක්වී හමාරය. මේ වන විට එහි ප්‍රතිඵලයක් ලෙස සිල්ලර කඩය ද හෙමින් හෙමින් වැසී යමින් පවති.ගීතිකාගේ රෙදි මසා ගැනීමට ද දැන් වන විට සෙනඟ නොපැමිණේ.

සිඩ්නි රුවන් උබේපාල – කහටගස්දිගිලිය ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here