බුරන බල්ලෝ ගැන ර’ණ්ඩුවී ගෙහිමියයි අසල්වැසියයි පො’රකාලා

0

නිවසක සුරතලයට ඇති කරන සුනඛකයන් දෙදෙනෙකු නිසා හට ගත් ආ’රවුලක් හේතුවෙන් දෙදෙනෙකු රත්නපුර රෝහලටත් තවත් දෙදෙනෙකු අත්අඩංගුවටත් පත්වූ සිදු වීමක් රක්වාන පොලිසියෙන් වාර්තා වේ.

ඉකුත් (09) දා රාත්‍රියේ රක්වාන, පන්සල්ගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර මෙම ආ’රවුල හට ගෙන ඇත.

මාර්ගය ආසන්නයේ පිහිටි නිවසක සුරතලයට ඇති කරන සුනඛයන් දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරන අයට නිතරම බුරාගෙන පැමිණෙන බවත් ඒ හේතුවෙන් පාසල් ළමුන් ඇතුළු පිරිස මහත් භී’තියට පත්වන බව පවසා අසල්වැසි තරුණයෙකු නිවැසියන් සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන බව පොලිසිය පැවැසීය.

එහිදී දෙපිරිස අතර ගැ’ටුමක් ඇතිවී සුනඛකයන් අයිති තරුණයා සහ අසල්වැසි තරුණයා අතර ගු’ටිබැට හුවමාරුවක් ද හටගෙන ඇත. දෙදෙනා අතර ඇතිවූ ගැ’ටුමෙන් අසල්වැසි තරුණයාගේ ගෙල ප්‍රදේශයට උ ල් උපකරණයකින් ඇ’නීම හේතුවෙන් දැ’ඩිලෙස තු’වාල සිදු වී ඇත.

ගැ’ටුමට සම්බන්ධ වූ නිවෙස් හිමි තරුණයාද කැ”පුම් තු’වාල ලබා ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධියෙන් සිදු වූ තු’වාල හේතුවෙන් දෙදෙනා රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇතිවූ ගැ’ටුමට මැදිහත්වූ පාසල් ශිෂ්‍යයෙකු සමග ත්‍රීවීල් රථ රියැදුරෙක්ද සැ’කපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සී.පී.ගුණසේකරගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පො.සැ.එම්.එන්.ජී.කුමාරසිරි ඇතුළු නිලධාරින් පිරිසක් ගැ’ටුම පාලනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here