නරියකුගේ ස’පාකෑමෙන් පසුව රෝ’ගීවූ බේරුවල, වෙදගොඩ ප්‍රදේශයේ කාන්තාවක් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුගියදා (10දා) රාත්‍රියේ මි’යගොස් ඇති අතර ඇයට ජ’ලභීතිකා රෝගය වැ’ලඳී ඇති බව අනාවරණය වී ඇත.
මෙසේ මි’යගොස් ඇත්තේ වෙදගොඩ සුසාන භූමිය රක්ෂිතයේ තාවකාලික ස්ථානයක රැඳී හුන් පවුලක කාන්තාවක වන රූපලතා නම්වූ 51 හැවිරිදි අයෙකි.
ඉකුත් නොවැම්බර් 11 වැනි දින රාත්‍රියේ එම ප්‍රදේශයට පැමිණ ඇති නරි රංචුවක් නිවස වටකොට තිබූ පොලිතින් කොළ ඉ’රාගෙන නිවස තුළට ක’ඩා වැ ද මෙම කාන්තාව බිම පෙ’රළාගෙන ස’පා කා ඇති අතර මැය ප්‍රතිකාර හෝ එ’න්නත් ලබාගෙන නොමැති බව අනාවරණය වී තිබේ.
මැයගේ ම’ළසිරුර පසුගිය (11දා) කළුතර ශික්ෂණ රෝහලේ මෘ’ත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ම’රණ පරීක්ෂණය ඊයේ (12දා) සිදුකිරීමට නියමිතව තිබිණ.
මෙම ප්‍රදේශයේ ජල භී’තිකාව වැ’ලඳුණ තවත් නරි, සුනඛයන් සහ බළලුන් ඇති බවට සැ’ක කරන හෙයින් ජනතාවට ආරක්ෂාකාරීව සිටින ලෙස පවසමින් ප්‍රදේශය පුරා දැනුවත් කිරීම් සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය (11දා) කටයුතු යොදා තිබිණි.
මෙම ප්‍රදේශය ආවරණය වන පරිදි ස්ථාන හතරකදී සුනඛයන්ට සහ බළලුන්ට ජල භී’තිකා ව’ළක්වන එ’න්නත් ලබාදීමේ වැඩසටහනක් ඊයේ (12දා) ක්‍රියාත්මක කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු කීය.