සිය කුඹුරටත් තවම පොහොර ටිකක් යෙදීමට නොහැකි වී තිබෙන බවත් කිසිදු පොහොරක් තමාට නොලැබුණු බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර කීවේය.
පොහොර හතර වර්ගයක් තියා කිසිවක් තමාට නොලැබුණු බවඇමැතිවරයා කියයි. පරිසර අමාත්‍යාංශයේ ඊයේ (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
කාබනික ගොවිතැන ක්‍රියාත්මක කිරීමේ අ’තපසුවීම් සහ අ’ඩුපාඩු රැසක් තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
“ගොවිජනතාවට අස්වැන්න අඩුවීමක් වුවහොත් ව’න්දි මුදලක් ගෙවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. අන්ත අසරණ තත්ත්වයට පත්වූ ගොවීන් සිටිනවා. ව’න්දි ගෙවීම සඳහා තවමත් ක්‍රමවේදයක් නැති බව මට පිළිගන්න සිදුවෙනවා. මොන ක්‍රමවේදයක් හදලා හරි ගොවි ජනතාවට ව’න්දි ගෙවිය යුතුයි. එහෙත් මට වූ වගා හා’නියට මා වන්දි බලාපොරොත්තු වන්නේ නැහැ යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.