ලෙ’ඩින් ඉන්න පොඩ්ඩන්ගේ ​පංචායුධ කඩන් ගිහින්

0

දෙබරවැව මූලික රෝහලේ ළමා වාට්ටුවේ වයස අවුරුදු හතරක දරුවකුගේ ගෙල බැඳි පංචායුධය හා මව්වරුන්ගේ අත්බෑග් සො’රාගත් පුද්ගලයකු පොලිස් බුද්ධි අංශ විසින් අ’ත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැ’කකරු කතරගම ප්‍රදේශයේ යා’චකයකු ලෙස පෙනී සිටිමින් සො’රකම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. මොහු වයස අවුරුදු 45ක් වන බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ළමා වාට්ටුවේ මව්වරු නිදා සිටි අවස්ථාවේ එම වාට්ටුවට කොට කලිසමක් හැඳ පැමිණෙන මෙම පුද්ගලයා වයස අවුරුදු 4ක දරුවකුගේ ගෙ ල බැ’ඳි පංචායුධ කඩා ගෙන යන ආකාරය රෝහලේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබිණි.

පසුව මෙම පුද්ගලයා වාට්ටුවෙන් ඉවතට ගොස් නැවත රෝහලේ වැලක තිබූ සරමක් ඇඳගෙන නැවත වාට්ටුවට පැමිණ කාන්තාවන් දෙදෙනකුට අයිති අත් බෑග දෙකක් සො’රා ගන්නා ආකාරය ද එම කැමරාවේ සටහන්ව තිබිණි.

ඉන් එක් බෑගයක රුපියල් පහළොස් දාහක් සහ තවත් බෑගයක රුපියල් 2,000ක පමණ මුදලක් තිබී ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සො’රාගත් පංචායුධය සහ රුපියල් 2,000ක පමණ මුදලක් පමණක් ඔහු ළඟ තිබී සොයා ගෙන ඇත.

යා’චකයා ලෙස පෙනී සිටිමින් දීර්ඝ කලක් තිස්සේ සො’රකම් වල යෙදෙන මෙම පුද්ගලයා බී’මත්ව අ’ශෝ භන ලෙස කතරගම නගරයේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන න’ඩු පවරා ඇති අතර උසාවිය මගහරිමින් සිටි ව’රෙන්තුකරුවකු බව ද පොලීසිය සඳහන් කරයි.

අමිල සම්පත් ශ්‍රී – තිස්සමහාරාම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here