අලි බෙටිවලිනුත් කඩදාසි හදන කරුවලගස්වැව මිනිස්සු

0

“කරුවලගස්වැව කියන්නෙ ඇත්තටම වල් අලින්ගේ අතේ තියෙන ගමක් කිවුවොත් හරි. හැම තිස්සෙම මේ ගමේ ගොවි ජනතාවගේ බව බෝග මුන් ඇවිල්ලා කලා වි’නාශ කරලා දාලා යනවා ගමේ ගොවියන්ට වෙලා තියෙන්නේ හූල්ල හූල්ල ඉන්න. අවාසනාවට අලි මිනිස් ගැ’ටුම නිසා මිනිස්සු වගේම අලිත් ජීවිත වලින් ව’න්දි ගෙවනවා.

ඒ නිසා වන අලින් සහ මිනිසුන් අතර තියෙන දුරස්ථභාවය නැති කරලා දාන්න හිතාගෙන තමයි අපි මේ කර්මාන්තය ආරම්භ කලේ. මාන හෙවත් අලි මාන ශාක කන්න තමයි අලි ගම් වදින්නේ.’’

කරුවලගස්වැව ගම්මානයේ වල් අලින්ගෙන් පී’ඩා විඳින ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ව්‍යාපෘතියක් ආරම්භ කළ පී. පී. මංගල ප්‍රියදර්ශන පැවසූවේය.

ශ්‍රී ලංකාවේ වියළි හා තෙත් කලාප ආශ්‍රිතව වේගයෙන් ව්‍යාප්ත වන ආ’ක්‍රමණශීලි ශාකයක් වන මානා හෙවත් අලි මාන, ඉළුක්, ජපන් ජබර වැනි දෑ සහ අලින්ගෙ වසුරු භාවිතයට ගනිමින් කඩදාසි නිෂ්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

විවිධ බා’;ධක මධ්‍යයේ සිදු කරගෙන යනු ලබන මෙම ව්‍යාපාරයේ දැනට සේවකයන් 30කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරති. ව්‍යාපෘතිය පිළිබඳ අදහස් පළ කළ කළමනාකරු පී. පී. මංගල ප්‍රියදර්ශන මෙසේ කිවේය.- “කරුවලගස්වැව ගමේ ප්‍රසිද්ධියක් යැව්වා මානා කියන ශාකය අපි කීලෝ ගනට මිලදී ගන්නවා කියලා. එහෙම කළාම අලි එක එකත් ටිකක් අඩු වෙයි කියලා හිතලා තමා මේවා ගත්තේ. ඒ එක්කම මිනිස්සු දහ දු’ක් විඳලා කෙසෙල් වගේ පැළ හදපුවා මේ අලි ඇවිත් කලා ගියා.

ඔන්න ඔය අතරේ අපි අර කාල බාගෙට දාලා ගියපු කෙසෙල් කොටනුත් සල්ලි වලට ගත්තා. එතකොට වන අලියෙක් ඇවිත් කෙසෙල් කොපමණ ප්‍රමාණයක් වි’නාශ කරල ගියත් අපි ඒවාට සාධාරණ මිලක් දීල ගන්නවා. එතකොට මිනිසුන් සහ වන අලින් අතර ගැ’ටුමක් නැහැ.මොකද අලියා විසින් ආහාරයට ගන්නෙ කෙසෙල් බොඩේ විතරයි. කෙසෙල් පැළේ ඉතුරු කරලා තමයි යන්නෙ. ඒකත් මිනිස්සුන්ට ශක්තියක් වූණා.

අර එදා හූ’ල්ල හූ’ල්ල හිටපු අපේ ගමේ මිනිස්සු දිරිමත් වෙලා වැඩි වැඩියෙන් මේ ශාක අපේ තැනට ගෙනත් දැම්මා. අනෙක් ප්‍රධානම කාරණව තමයි අලි ගම් වැදීම නිසාම අමතර ආදායමකුත් එනවා කියලා අපි මිනිස්සුන්ට ඒත්තු ගැන්නුවා. අලියා කාලා පිට කරන ම’ළ පහත් අපි මිලට අර ගත්තා. එලෙස මිලට ගැනීමේ ක්‍රියාවලිය තුළින් වන අලියා සම්පතක් ලෙස ගැමි ජනතාවගේ මනසේ ස්ථාපිත කිරීම තමයි අප ආයතනයේ සමාජ මෙහෙවර වුණේ.’ ’

එදා කරුවලගස්වැව අලින්ගෙන් ක’රදර බහුල ගමක් වුණත් අද ඒ පරිසරය ක්‍රමක්‍රමයෙන් පහව ගොස් ඇතැයි ගම්වාසීහු කියා සිටියහ. ගම්මානයේ විශාල පිරිසකගේ ජීවිකාව ගෙන යෑම සඳහා මෙම නේචර් පේපර්ස් ව්‍යාපෘතිය ඉවහල් වී ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ. මෙම නේචර් පේපර්ස් ආයතනයේ සේවිකාවක වූ දීපිකා සේනාරත්න මෙම ක්‍රියාවලිය පිළිබඳ මෙසේ කියා සිටියාය.

“මෙහෙමයි අපි එහෙම මිලට ගන්න කෙසෙල් බොඩ, ඉළුක්, මානන් කුඩා කැබලිවලට කපා ගන්නවා. ඊට පස්සෙ අපි ඒවා පල් වෙන්න වතුරේ දාලා තියනවා. දින කිහිපයක් තියෙද්දි වතුර පල් වෙලා පල්පයක් විදියට හදලා අරගෙන මැෂින්වලින් වේලගෙන කඩදාසිය නිපදවා ගන්නවා. ඊට පස්සෙ අපි ඒක පදම් කරගෙන පාට පාට වර්ණ පවා ස්වාභාවික අමුද්‍රව්‍යම යොදලා සකස් කර ගන්නවා. ඔන්න ඔහොමයි මේ කඩදාසිය හදන්නේ”

මේ නිෂ්පාදනය නිසා සෘජු හා වක්‍ර රැකියා 30ක් පමණ කරුවලගස්වැව ප්‍රදේශයේ උත්පාදනය වී තිබේ. ගල්විල පාරිසරික උද්‍යානය නැරඹීමට එන විදේශිකයන් මේ ස්වභාවික නිෂ්පාදන ඉතා ඉහළින් වැළඳගෙන ඇතැයිද ප්‍රදේශයේ ජනතාව කියා සිටියහ.

“මේ වෙනකොට හරිත කෘෂි කර්මාන්තයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවට යෝජනා වෙලා තියෙන නිසා අපේ මේ නිෂ්පාදනවලට දැඩි ඉල්ලුමක් පවතිනවා. නමුත් අපිට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් වෙලා තියෙනවා. අපිට නිෂ්පාදනය කරනු ලබන කඩදාසි ගබඩා කර තැබීමට යාමේදී ඒ විශාල මුදලක් වැය වෙනවා. කර්මාන්ත ශාලාව තුළම ගබඩා කර ගැනීමේ අ’පහසුවක් තියෙනවා මෙම ගොඩනැඟිල්ල කුඩා නිසා. දැනට හදන නිෂ්පාදන ෆයිල් කවර, බෑග් වර්ග ජනතාවට අලෙවි කරනවා. තවද විදේශ රටවල්වලට අපනයනය කරන්න පුළුවන්. වනජීවි දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශයෙන් මෙම වැඩපිළිවෙලට අවධානය යෙමු වෙලා තියෙනවා.

කළමනාකාරීවරයා වැඩි දුර කරුණු දක්වමින් කියා සිටියේය.

( රුමේෂ් ඉසුරංග – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here