කිරි සුවදවත් නොගිය පැංචියන්ගේ නි’ර්වස්ත්‍ර ජායාරූප ගෙන අන්තර්ජාලයට දාල

0

කුඩා ගැහැනු ළමයින් පිරිසකගේ අඩ නි”රුවත් ඡායාරූප යොදාගනිමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ගිය ජා”වා රම්කරුවකු පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 උපකාරක සේවයට ලද පැ’මිණිල්ලකට අනුව ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය සහ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසුවේය.

විමර්ශන නිලධාරීන් විසින් ජා”වාරම්කරුගේ නිවෙසේ තිබූ සැ’කකටයුතු උපකරණ අධිකාරියේ භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත කරනු ලැබූ දැනුම් දීමක් මත මෙම ෆේස්බුක් පිටුව අ’ක්‍රීය කොට ඇත.

කොළඹ ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන ගිය මෙම සැ’කකරු පිටිසර ගම්වල වයස අවුරුදු 05 – 11ත් අතර පෙනුමෙන් යුතු කුඩා දැරියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ඡායාරූප ගෙන ඇත්තේ සිංගප්පූරුවේ පැවැත්වෙන ඡායාරූප තරගයක් සඳහා දරුවාගේ ඡායාරූප ලබාගන්නා බව සමාජ මාධ්‍යයන් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති දෙමාපියන්ට පවසමිනි.

ඒ සඳහා සැ’කකරු විසින් පවුලකට රුපියල් 15,000ක මුදලක් ද ලබා දී ඇත. අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානයන්ට දැරියන් ගෙන ගොස් ඡායාරූප ගෙන ඇති අතර බොහෝ ඡායාරූප ඔහු ලබාගෙන ඇත්තේ දෙමාපියන් ළඟ සිටියහොත් දරුවන් ඡායාරූප ගැනීමට අදිමදි කරනා බව පවසා දෙමාපියන්ව වෙනත් ස්ථානයකට යැවීමෙනි.

සැ’කකරු විසින් ලබාගන්නා ඡායාරූපවලින් 25%ක් ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති අතර 75%ක්ම ජාත්‍යන්තර වෙබ් අඩවිවලට හෝ කුඩා දරුවන්ට ඉල්ලුමක් ඇති පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බවට හෙළි වී ඇත.

මෙම ළමා ජා”වාරම සඳහා සැ’කකරුගේ සහෝදරයා ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.පෙරේදා (25) දින අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි.

ළමා ඡායාරූප යොදාගනිමින් පවත්වාගෙන යනු ලබන මෙවැනි ෆේස්බුක් පිටු පිළිබඳව තොරතුරු අනාවරණය වුවහොත් 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක සේවාවට දැනුම් දෙන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here