උසාවියෙන් වරදකරුට අපුරු දඩුවමක්

0

ම’ත් පෙ’ති 10 ක් අලෙවි කිරීමේ චෝ’දනාවට ව’රද පිළිගත් සැ’කකරුවකුට මුදලින් රුපියල් 60000 ක ද’ඩයක් තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය ඊයේ (27දා) නියම කළේය.

තමා මෙම ව’රද සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ව’රදකරු වී ද’ඬුවම් ලැබූ බව සඳහන් කරමින් ජාතික පුවත්පත්වල දැන්වීම් පල කර එම පුවත්පත් දැන්වීම් ලබන මාර්තු මස 10 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා සැ’කකරුට තවදුරටත් නි’යෝග කරනු ලැබීය.

මේ අතර මෙම සැ’කකරු ස’න්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවත් මත් පෙති 400 ක් රාජ ස’න්තක කිරීමට නි’යෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම මත් පෙති ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියට භාරදෙන ලෙසටද ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන ආනන්ද වේරගොඩ සහ ප්‍රසාද් උදය කුමාරට තවදුටත් නි’යෝග කෙරිණි.

මෙසේ ද’ඩ නියම වූයේ නොච්චියාගම බස් නැවතුම්පළ ලිපිනයේ ක්‍රිෂාන් දිමුතු විමලරත්න නමැත්තෙකුටය. උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ නියෝග මත ක්‍රියාත්මක අනුරාධපුර කොට්ඨාස දූ’ෂණ ම’ර්දන අංශය මගින් සැ’කකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here