චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍ර”හා රක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි.
දකුණු චීන මුහුදට වැටුණේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, අති නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ‘එෆ්.35සී’ වර්ගයේ යානයකි. මෙවැනි යානයක වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 කි.
චීනය මෙම සිදුවීම ගැන දැනගත් සැණින්, ‘එෆ්.35සී’ යානය සොයා ගැනීමටත්, එහි රහස් අනාවරණය කර ගැනීමටත් උත්සාහ දරමින් සිටින බව ඇමෙරිකානු නාවික හමුදාව පවසයි.යානය සොයා චීනයට කලින් ඇමෙරිකාව මෙහයුම් ආරම්භ කර ඇත්තේ මේ නිසාය.
‘එෆ්.35සී’ යානය යානය, ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ප්‍ර”හා රක යානා රැගෙන යාත්‍රා කරන යූ.එස්.එස්. කර්නල් වින්සන් නෞකාවට අයත් එකකි. යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වෙද්දී එය අ’නතුරට පත්වුණු බවත්, මුහුදට වැටුණු බවත් පැවැසෙයි.
යානයේ නියමුවා අ’නතුරින් දිවි ගලවා ගත් නමුත් යානය මුහුදේ ගිලුණි. යානය එසේ අ’නතුරට ලක් වී මුහුදට වැටෙද්දී, නෞකාවේ සිටි නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයෝ 7 දෙනෙක් තු’වාල ලැබූහ.
දකුණු චීන මුහුද යනු චීන සිය ආධිපත්‍ය පතුරුවා ගත් මුහුදු කලාපයකි.
(රොයිටර්)