ඉස්සෙල්ලම තමන් තමන්ට අවංක වෙන්න..එතකොට රට හැදෙයි.

0

අපේ රටේ මේ වෙද්දි පෝළිම් ගොඩක් තියෙනව.අත්‍යාවශ්‍ය ආහාර වගේම අත්‍යාවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය වල ඇතිවෙලා තියෙන හිඟයත් එක්ක මේ වෙද්දි ගොඩක් පෝළිම් දැකගන්න පුලුවන්.ඒ වගේම පහුගිය කාලෙ විශාල පෝළිම් තිබ්බ.ඒ වැක්සින් පෝළිම්.ඊට අමතරව සාමාන්‍යයෙන් දවස ගානෙ තව පෝළිම් රට පුරා තියෙනව.බැංකුවල,රාජ්‍ය ආයතනවල,වාහන වලට දුම් වාර්තා ගන්න තැන්වල.එකී මෙකී නොකී ගොඩාක් තැන්වල පෝළිම් තියෙනව.හැබැයි මේ කතාව ඒ පෝළිම් ගැන නෙමේ.පෝළිම් වල ඉන්න අය ගැන.

පෝළිම් වල ඉන්න අය ගැන කිව්වට ඇත්තටම ඉන්න අය ගැන නෙමේ.ඉන්න අයගෙ ක්‍රියාකලාපය ගැන.ඒක කොහොමද රටට බලපාල තියෙන්නෙ කියන එක ගැන.අපේ රටේ මිනිස්සු හරි ආසයි පෝළිම් පනින්න.ඒක ඕනම පෝළිමකට එහෙම තමා.පෝළිම පැනල හරි ඉක්මනට තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන් උනානම් අනිත් මිනිස්සුන්ට ඕන දෙයක් උනාවෙ කියල හිතන මිනිස්සු තමා අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ.

ඇත්තටම සමහර මිනිස්සු ඉන්නව තමන්ට පෙර ඇවිත් පෝළිමේ ඉන්න අයටත් කලින්,පෝළිම පැනල අදාල වැඩේ කරගන්න නොයෙකුත් උපක්‍රම භාවිතා කරන.ඇඳුරුම්කන් මත,අතයට හුවමාරු මත වගේම මොකූත් දන්නෑ වගේ පෝළිමේ මැද්දට එකතුවෙලා හෙමීන් සීරුවේ තමන්ගෙ වැඩේ කරගන්න බලන මිනිස්සුත් ඕනතරම් ඉන්නව.

ඒ මිනිස්සු කවදාවත් අනිත් අය ගැන හිතන් නෑ.හරිම ආත්මාර්ථකාමීයි.ඒ මිනිස්සු එක්ක මේ රට හදන්න හරිම අමාරුයි.එයාලට ඕන තමන්ගෙ වැඩේ කරගන්න විතරයි.

ඇයි අපේ මිනිස්සුන්ට බැරි තමන්ට අවංක වෙන්න.අනිත් මිනිස්සු ගැන හිතන්න.තමන් වගේම අනිත් මිනිස්සුත් ඇවිත් ඉන්නෙ වැඩක් කරගන්න කියල හිතන්න ඇයි බැරි.එහෙම හැමෝම තමන් තමන්ට අවංකවෙලා වැඩකරානම් මේ රටවල් හදන්න අමාරු නෑ.හැබැයි අපි හැමදාම කරේ අපි වැරදි කර කර 225 ට විතරක් බැනල හිත හදාගත්තු එක.ඉතින් එහෙම නොවුනු,තමන් තමන්ට අවංක වෙන දවසක් ආවොත් මේ රට හැදෙයි.

ජයශාන් සැමුවෙල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here