නුගේගොඩ ප්‍රසිද්ධ පංසලේ ලොකුතැන කාලයක් ඉදල කරපු වැඩේ මාට්ටු.

0

ගිහියෙකුගේ වෙස් ගෙන කාන්තාවක් සමගින් මෝටර් රථයේ ගමන් කළ නුගේගෝඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් විහාරස්ථානයේ දායක සභාවේ පිරිසක් විසින් හසුකරගෙන අළුබෝමුල්ල පොලිසිය වෙත භාරදී තිබේ.

මෙම හිමිනම කළුතර අළුබෝමුල්ල ප්‍රදේශයේ සිව්දරු මවක සමගින් දීර්ඝ කාලයක් අ’නියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම කාන්තාවගේ දරුවන් තිදෙනෙකුම පැවිදි වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම හිමිනම ගිහියකුගේ වෙස් ගනිමින් තමාට අයත් මෝටර් රථයෙන් සතියකට වරක් දෙවරක් හෝ මෙම කාන්තාව හමුවීමට යන බවට විහාරස්ථානයේ දායක සභාව වෙත තොරතුරු අනාවරණය වී තිබිණි.

ඒ අනුව පසුගියදා අළුබෝමුල්ල ප්‍රදේශයට ගිය අවස්ථාවේදී දායක සභාවේ පිරිසක් හිමිනම ලුහුබැඳ ඇති අතර අදාළ කාන්තාව හා මෝටර් රථයක නැග සිවුර වෙනුවට කලිසමක් හා කමීසයක් පැළඳ යන අතරවාරයේදී හිමිනම අල්ලාගෙන ඇත. අනතුරුව මොවුන් දෙදෙනාම අළුබෝමුල්ල පොලිසිය වෙත භාරදී ඇත.

සිවුරු හැර යාම හෝ වෙනත් කාන්තාවක සමගින් ඇසුරක් පැවැත්වීම අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි ව’රදක් යැයි සිතා මොවුන් මෙම දෙපළ පොලිසියට භාර දී ඇතත් එවැනි ක්‍රියාවකට අදාළව න’ඩු පැවරිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here