හිතුමතේ තීරණ ගන්නා ගැහැණු ළමයි කාට කාටත් යස පාඩමක්.

0

කසාද බඳින බවට පොරොන්දු වෙමින් 17 හැවිරිදි රූමත් තරුණියක් කැඳවාගෙනවිත් එකට ජීවත් වෙන ගමන් ඇය තවත් අයට මුදලට විකුණූ විවාහකයෙකු සහ කීපවතාවක් මුදල් දී ඇය ලබාගත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් දෙදෙනෙකුද සැ’කපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල ඒකල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි 22 හැවිරිදි පුද්ගලයකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණිය ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී 22 හැවිරිදි ප්‍රධාන සැකකරු සමග පෙමින් වෙළී ඇත. පසුව ඇය තම පෙම්වතා සමග ඒකල කුලී නිවසක එකට පවුල් කෑමට පටන් ගෙන ඇති බව වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

පෙම්වතා සමග එකට ජීවත්වීමට පටන් ගෙන ටික කලකින් පසු ඔහුගේ බලකිරීම මත ඇයට වෙනත් පුද්ගලයන් සමග අඹුසැමි ඇසුරක් පැවැත්වීමට සිදුවූ බව පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වේ.

එක් එක් යතුරු පැදිවලින් පැමිණෙන විවිධ පුද්ගලයන් තමන් රැගෙන යන බවද ඇය සඳහන් කර ඇත. මෙසේ කාලය ගෙවී යද්දී තමා ගැ’බ්ගෙන ඇති බව වැටහීමෙන් අනතුරුව පෙම්වතා ඉක්මනින් කසාද බඳිනවා යැයි පවසා දෙමාපියන්ට ඇය භාරදී ඇත.

මාසයක කාලයක තුළ එක්දිනක් වත් තම පෙම්වතා තමා බැලීමට නොපැමිණි නිසා හා ඔහු දරුවෙකුද ඇති විවාහකයෙකු බව දැන ගැනීමට ලැබුණ නිසා සිදුවී ඇති අ’සාධාරණයට පිහිට පතා ජා ඇල පොලිසියට පැ’මිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇය පැ’මිණිල්ලේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here