පියා සහ මන්ත්‍රී දියණියගෙන් ජේ ආර් ගේ මුණුබුරාට බිත්තර සහ මිරිස් කුඩු ප්‍ර’හාරයක්

0

කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරය සදහා සභාපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම කොළඹ මහ නගර සභාවේදී අද සිදු කෙරුණු අතර එහිදී බිත්තර සහ මිරිස් කුඩු ප්‍’රහාරය එ’ල්ල වී තිබෙනවා.

සභාපති ධුරය සදහා තරග වැදුණේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්නයි. එහිදී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරි පත් වූයේ ප්‍රදීප් ජයවර්ධනයි.

එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පි”හි යක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා ප’හර එල්ල කිරීම උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළම මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයක් වන අතර ඇයද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට බිත්තර, මිරිස් කු ඩු කහ කු’ඩු ප්‍ර’හාරයක් එ’ල්ල කර තිබෙනවා.

අනතුරුව මෙම මොවුන් දෙදෙනා අ’සභ්‍ය වචන භාවිත කරමින් නො’සන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය එල්ල කළ බිත්තර , මිරිස් සහ කහ ප්‍ර’හරයෙන් ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසයේද විසිරී තිබුණා. මෙම සිද්ධිය පිළිබද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා කුරුදුවත්ත පොලිසියටද පැ’මිණිලි කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here