කොරෝනා ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මි’ය ගොස් ඇත්තේ නාත්තන්ඩිය -තබ්බෝව පදිංචිව සිටි ටී.එම්.ටී.මනීෂා කුමාරි ප්‍රනාන්දු (අවු:11) නමැති පාසල් සිසුවියකි. ඇය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
එම දැරිය කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මෙසේ මි’ය ගොස් ඇත. දැරියගේ පියා ද පාසල් ගුරුවරයකු වන අතර ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක්කර තිබේ.
කොවිඩ් පැතිර යාම හේතුවෙන් දිවයින පුරා පාසල් රැසක පන්ති කාමර වසා දමා ඇති බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු සඳහන් කරයි. පවතින තත්ත්වය නිසා මෙම අවස්ථාවේ සිදු කළ යුත්තේ වහාම පාසල් වසා දමා දරුවන් නිවෙස් ගතකිරීම බව ද හෙතෙම කියා සිටී.
එසේ නොකළහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ද ගැ’ටලුවක් විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.
ජූඩ් සමන්ත ( අරුණ )