මුදලාලිව අන්දවල ලාච්චුවට විදින පකිස්තානුවන් පිරිසක් කොටුවෙයි.

0

දිවයිනේ වෙළෙඳසල්වලට ගොස් භාණ්ඩ මිලදී ගෙන වං’චාසහගත ලෙස ඉතිරි මුදල් ලබාගන්නා පාකිස්තානු ජාතිකයන් සිව්දෙනකු 31 වැනි දින සැ’කපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි.

මෙම සැ’කකරුවන් සිව්දෙනා ඉකුත් 10 වැනි දින දිවයිනට පැමිණ ඇත. කුලී පදනම මත නවීන පන්නයේ මෝටර් රථයකින් අකුරැස්සට පැමිණ ප්‍රධාන පෙළේ වෙළෙඳ සලකට ගොස් රුපියල් 5000/= නෝට්ටුවක් දී ඉතා අඩු මුදලකට භාණ්ඩයක් ලබාගෙන ඉතිරි මුදල් පසුම්බියට දමාගෙන, යළිත් වෙනත් භාණ්ඩයක් ලබාගෙන ඒ සඳහා අයකැමි විසින් මුදල් ඉල්ලා සිටි විට තමන් රුපියල් 5000/=ක් දී තිබූ බවට ප්‍රකාශ කිරීමත් සමග අයකැමිවරයා ගැ’ටලුවකට මුහුණදී තිබුණි.

භාෂාව හැසිරවීමේ ප්‍රශ්නය නිසා වෙළෙඳසලෙහි අයකැමිවරයා නිරුත්තර වී ඇත. අනතුරුව මෙම වං’චාකරුවන් පිළිබඳව අදාළ වෙළෙඳසල් හිමියා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට යොමුකරන ලද දුරකථන ඇමතුම අනුව අකුරැස්ස පොලිස් නිලධාරීන් විසින් මෙම සැ’කකරුවන් සිවුදෙනා සැ’කපිට අත්අඩංගුවට ගත්හ.

සැ’කකරුවන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ලුණු පැකට් එකක්, ළදරු සපත්තු වැනි භාණ්ඩ, වං’චාසහගත ලෙස උපයාගත් මුදල් රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී වෙළෙඳසල් වෙත ගොස් වං’චාසහගත ලෙස දෙවරක් ඉතිරි මුදල් ලබාගෙන ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වූහ.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් මත අ’පරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසෝක අබේවර්ධන ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂකවරුන් වන ලලිත් නූපේහේවා, ප්‍රියන්ත ජයලත් 56035 පොලිස් සැරයන් කරුණාතිලක, ඉන්ද්‍රජිත් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැ’කකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වූහ.

සැ’කකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here