රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නි’යෝග කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අරුණ පුවත්පතේ වෙබ් අඩවිය වාර්තාකරනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශයේ අරුන්දික ප්‍රනාන්දුට අයත් සියලු බඩු බාහිරාදිය අස් කරගෙන අමාත්‍යංශ ගොඩනැගිල්ල භාර දෙන ලෙස එම නි’යෝගයේ වැඩිදුරටත් සඳහන් බව වාර්තා වේ.
අද අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට එ’ල්ල වූ මැ’ර ප්’රහාරය අරුන්දික ප්‍රනාන්දුගේ අනුදැනුම මත සිදු වූ බවට තොරතුරු අනාවරණය වීමත් සමග ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගෙන ඇතැයි පැවැසේ.
වෛද්‍ය පීඨ සිසුන්ගේ ප්‍ර’ති ප්’රහාර හමුවේ සිසුන්ට ප’හර දීමට පැමැණි මැ’ර පිරිස එක් වාහනයක් අතහැර ප’ලා ගොස් ඇති අතර එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.
එමෙන්ම සිසුන් විසින් ප’හරදීමට පැමිණි මැ’රයකු අල්ලාගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බව යැයි ද පැවසේ.