තමන් සම්බන්ධනම් ඉල්ලා අස්වෙනවා කියූ අරුන්දිකගේ,පුතත් අත් අඩංගුවට.

0

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට ප’හරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත භාරවී තිබේ.

23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

එම ප’හරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැ’කකරුවන් ගණන 7කි.

අත්අඩංගුවට ගත් සැ’කකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here