දූල දෙන්න මට දීල එයා සුරලෝකෙට ගියා

0

තම පවුලට දරු සිඟිත්තෙකු එක්වන්නට යන බව දැනගත් මොහොතේ නිරෝෂා නිල්මිණී කුමාරිගේ (32) දෙනෙත් දීප්තියෙන් දිලිසුණි. ඇගේ සැමියා වූ සුමිත් කුමාර (34) සිටියේද එවැනිම සතුටකින්ය. දූ සිඟිත්තයක ලැබුණොත් ලස්සන ඇඳුම් පොඩි ඇන්දවා හැඩ බලන විදිය ගැන නිරෝෂා නිතර සිහින දැක්කාය.

ඒ දූ දරුවන්ගේ ලෝකය පාට කරන විදි ගැන සුමිත්ද කල්පනා කළ වාර අනන්තය. එසේ දින සති ගෙවී යද්දී මව් සායනයට ගිය නිරෝෂා අවශ්‍ය පරීක්ෂණවලටද යොමු විය. ඇයගේ කුසෙහි එක් දරුවෙක් නොව දෙදෙනෙකුම ඉන්නා වග දැනගනිද්දී ඒ දෙඇසට ක’ඳුළු එක්වුණේ වෙනකක් නිසා නොව සතුට වැඩිකමටය.

‘‘අපි දෙන්නා විවාහ වුණේ ආදර සම්බන්ධයකින්. එයා රිදීගම ප්‍රදේශයේ කෙනෙක්. විවාහයෙන් පස්සේ, මාතලේ ආදාවල (මඩවල උල්පත) මගේ ගමේ තමයි අපි ජීවත්වුණේ. කටුමැටි ගහපු පුංචි ගෙපැල වුණත් එදිනෙදා කුලියක් කරගෙන අපි හරිම සතුටින් ජීවත්වුණා.

අපිට දරුවෝ ලැබෙන්න යනවා කියලා දැනගත්තම සතුටක් වගේම අනාගතය ගැන වගකීමක් හිතට ආවා. එයත් පරිස්සම් කරගෙන දරුවොත් පරිස්සමෙන් ගෙදරට ගේන එක තමයි මගේ හීනය වු‍ණේ. නිරෝෂාත් දරුවෝ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. අපිට දු’ෂ්කරතා අ’ගහිඟකම් නොතිබුණා නෙවෙයි. ඒත් ඒවා ගැන ලොකුවට හිතන්න ගියේ නැහැ. එයා දරුවෝ වෙනුවෙන් පොඩි ඇඳුම් මහලා හැඩ බැලුවා. ඒ දිහා එයා ආසාවෙන් බලා ඉන්න අවස්ථා තිබුණා.’’

හැම අම්මා කෙනෙකු තාත්තා කෙනෙකුගේම හිතේ ඇඳෙන දරු සිහින ඒ තරම් ලස්සනය. නිරෝෂාත් සුමිතුත් සිටියේ ඒ ලස්සන බලාපොරොත්තුව ඉටුවන තුරුය.

‘‘එයාට දරුවෝ ලැබෙන්න දින ළංවුණාම මාතලේ මහරෝහලට ඇතුළත් කළා. අපට දෙසැම්බර් මාසේ දාසය වැනිදා තමයි දුවලා දෙන්නා උපන්නේ. ඒ සි’සේරියන් සැ”ත්කමකින්. එයින් දින හතරකට පස්සේ අම්මවයි බබාලා දෙන්නවයි ගෙදර එක්කන් ආවා. එයාලා හොඳින් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ.’’

සුමිත් බිරිඳත් දරු දෙදෙනාත් නිවසට රැගෙන ආවේ දෙසැම්බර් දහනව වනදායි.සුමිත් හා ඔහුගේ ඥාතීන් නිරෝෂාට කළ යුතු සත්කාර කළේ ඇය සැ’ත්කමකටද මුහුණ දී සිටි නිසාය. පුංචි පුංචි අ’පහසුකම් තිබුණත් නිරෝෂා දෙදරුවන්ට කිරි බිඳක් පෙව්වේ මහත් සෙනෙහසිනි. තම පුංචි සුරංගනාවියන් දෙදෙනා කිරි බී සුවසේ නිදියද්දී ලෝකයක් හිමිවූවා සේ සතුටක් ඒ දෙනෙත් තුළ තිබිණි.

එහෙත් එසේ ගෙවුණේ දින තුනකි. ලොකු අසනීපයක් නොපෙන්වූ නිරෝෂා පසුදා මධ්‍යම රාත්‍රිය වනවිට යම් අ’පහසුවකින් පෙලුණාය.ඒ අ’මාරුකම් වැඩිවෙද්දි රෑම ගිලන් රථයකින් අපි එයාව මාතලේ මහරෝහලට අරගෙන ගියා.

දවස් දාහතරක් එයා රෝහල් දැ’ඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.එයාට ෆිට් එක හැදුනා වගේ දෙයක් වුණේ. කොහොමහරි ඒ දවස් ටිකේ එයා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ. ජනවාරි 14 වෙනිදා එයා සදටහම අපි තුන්දෙනාව තනිකරලා ගියා. ඒ වෙද්දි බබාලා දෙන්නා ඉපදිලා මාසයක්වත් නෑ.’’

සුමිත් කුමාරගේ හඬ වේ’දනාවෙන් බි’ඳී ගියත් ඔහුට දැන් අතහරින්නට බැරි අපේක්ෂ ගොන්නක් තිබේ.ඒ තමාට නිරෝෂා ඉතිරිකර ගිය ලස්සන මල්
කැකුළු දෙකට අනාගතයක් හදන එකය. කුලී වැඩ කිරීමට දැන් නොහැක්කේ පුංචි පැංචියන් දෙදෙනා රැකබලා ගැනීමේ වගකීම ඔහු මත පැවරී ඇති නිසාය.

බිරිඳට සිදුවූ දේ කුමක්දැයි කියන්නට ඔහු නොදනිතත් ඇයගේ සි’රුරු කොටස් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පමණක් ඔහු දන්නේය.“මගේ අ’සනීපයෙන් ඉන්න අම්මත්, මගේ
සහෝදරයන්ගේ බිරින්දෑවරු දෙන්නත් තමයි දැනට මගේ පුංචි දුවලා දෙන්නා බලාගන්න උදව් කරන්නේ.

දරුවන්ට දවසකට කිරිපිටි පැකට් එකහමාරක් විතර යනවා. මුලදි ගමේ කවුරුහරි ගෙනැද්දෙන කිරිපිටි පැකට් එකකින් තමයි දරු දෙන්නා පෝෂණය කළේ. මේ ගැන මාධ්‍යයේ ගියාට පස්සෙ අපිට විවිධ උපකාර ලැබෙමින් පවතිනව.

සුමිත් කුමාරට දැන් දූ සිඟිත්තියන්ගේ කටයුතුද තරමක් හුරුය. ඔහු ඒවා කරන්නේ අම්මා නැති දියණියන්ට බිඳකින් හෝ ඒ අඩුව නොදැනෙන්ටයි. දරුවන්ගේ රෙදි සේදීම, ඔවුන් පිරිසිදු කිරීම, ඔවුන්ට කිරි සැකසීම, වාගේම ගෙදරදොරේ කටයුතුද දැන් ඔහුට නුහුරු නැත.

නිරෝෂා සිටියදී අනාගතය ගැනත් දරු පැටවන් ගැනත් සිහින දුටුවේ දෙදෙනා එක්ව නමුදු ඈ නැති ලොව දැන් ඔහු තනිව ඒ සිහින සම්පූර්ණ කළ යුතුය. පුංචි දැරියන් දෙදෙනා ලොකු මහකොට ඔවුන්ගේ ලෝකය ලස්සන කිරීමේ වගකීම තම හිස මත පැටවුණත් ඔහු පියෙක් ලෙස යුතුකම් ඉටුකරන්නේ කැපවීමෙන් වාගේම කැමැත්තෙනි.

දරුවෝ දෙන්නට බඩගිනි වෙන්නේ එකට. එතකොට එයාලා එකටම වගේ අ’ඩනවා. අම්මගේ උණුසුමේ අඩුව
සම්පුර්ණයෙන්ම මට පුරවන්න බැරි වුණත් මට එයාලව ඒ අඩුව නොදැනන් රැකබලා ගන්න පුළුවන්. ඇත්තටම මට
ඒකට හැමෝගෙන්ම ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. දරුවෝ ටිකක් ලොකු වෙනතුරු මට මගේ පුරුදු රස්සාවට යන්න වෙන්නෙ නෑ.

සුමිත් කුමාරට ඇත්තේ ලොකු වගකීමකි.නෑනලා දෙපළට ද කුඩා දරුවන් සිටින බැවින් තම දෙ දරුවන් රැකබලා ගැනීම ඔවුනට දිගටම කළ නොහැක්කකි කෙසේ හෝ සුමිත්ත සුමිත්ට ඕනෑ ද තම දරුවන් දෑස මෙන් තමන් ම රැක බලා ගන්නට එය කිරි පිටි පැකට් එකකින් හෝ ඒ වෙනුවෙන් උදව් කිරීමට කැමති කාරුණික හදවත් වලට සුමිත් ඇරයුම් කරන්නේ ඒ නිසාවෙනි සුමිත් දින සිහිනය ඉටු වන දා පුංචි පැංචියන් දෙදෙනාගේ ලෝකය නිරෝෂා සිතූ ලෙසම ලස්සන වනු ඇත.

ධරණී – දීපා වසන්ති එදිරිසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here