අධිවේගීවල අනතුරු වළක්වා ගන්න මාස 6 තුළ අවශ්‍ය පියවර ගන්න..ජොනීගෙන් පොලීසියට උපදෙස්

0

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අ’නතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අ’නතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අ’නතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි .

2021 වසර තුලදී ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන් වල පින්නදූව , අපරැක්ක , කුරුඳුගහහැතැක්ම,අගුණකොලපැලැස්ස අතඅතුරුගිරි සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මා’රක රිය අ’නතුරු 07 සිදු වී ඇත. එයින් 09 දෙනෙක් ජී’විතක්ෂයට පත් වී ඇත. 2021 වර්ෂයේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අ’නතුරු සංඛ්‍යාව 461 වේ.

2020 වර්ෂය තුල අධිවේගී මාර්ග වල මාරක රිය අ’නතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308 කි.2020 වර්ෂය තුල මාරක රිය අ’නතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජී’විතක්ෂට පත් විය.

අධිවේගී මාර්ග වල සිදු වූ රිය අ’නතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ග වල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු විය.

බී’මත්ව රිය පැදවීම , අපරික්ෂාකාරී සහ අ’න්තරාදායක ලෙස රිය පැද වීම , වේග සීමා උ’ල්ලංඝණය කිරීම , ආසන පටි නොපැලඳ ධාවන කිරීම , ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම , ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සිදු කල රියදුරන් අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බවත් 2020 වර්ෂයේ දී දමා ඇති න’ඩු ප්‍රමාණය 66,252 ක් බවත් මෙහිදී අධිවේගී මාර්ගයේ ස්ථාපිත පොලිස් ඒකක වල නිළධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමණාකරණ අංශයේ සහ අධිවේගී මාර්ග වල ස්ථාපිත කර ඇති පොලිස් ඒකක වල නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here