නාඩගම්කාරයෝ කල්පනීගෙන් කරලියට එන කුකුලාගේ ඇත්තම දුව.

0

බොහෝ අවස්ථාවල දී සිහිනයකි රෑ මාත්‍දී සිහිනයකි රෑ මාත්‍රා වැඩසටහන් තුලින් ගීතයෙන් ප්‍රේක්ෂකයින් මුසපත් කරන ඇය නව පරපුරේ නැගී එන දක්ෂ ගායිකාවක ලෙස බොහෝ දෙනා හඳුනන ආදරණීය කලා ශිල්පිනියකි.එමෙන්ම ඇය සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකායේ යාවජීව සාමාජිකාවකි.ගායිකාවක ලෙස රසික හදවත් දිනාගත් ඇය නවක නිළියක් ලෙස රංගනයට එකතු වන අමන්ද්‍යා උත්පලී දැවැන්ත කලා පරපුරක පුරුකක් කිවහොත් නිවැරදිය. ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙක් සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞශල්‍යයන්ගේ බාල දියණිය වන අමන්ද්‍යා වෙනුවෙන් මේ ඉඩකඩ.

ගායනයට අලුත් නොවුනට අමන්ද්‍යා රංගනයට අලුත් මුහුණක්. කොතනින්ද අමන්දාගේ කලාව ආරම්භ වෙන්නේ ?

පෙර පාසල් අවධියේ දි තමයි මගේ ගායන හැකියාවන් අම්මයි තාත්තයි හඳුනාගන්නේ සංගීතය ඉගෙන ගන්න යොමුවෙන්නේ ඒ කාලෙදිමයි. මගේ මුල්ම සංගීත ගුරුවරිය වෙන්නේ මාලනී බුලත්සිංහල මහත්මිය.එතුමියගෙ හදිසි වි’යෝවත් සමඟ මම එඩ්වඩ් ජයකොඩි ගුරුතුමා යටතේ සංගීතය හැදෑරුවා. එතනින් පස්සේ නන්දසේන කටුවාවල, විශාරද ඉන්දික උපමාලි මහත්මිය යන යන ගොඩක් සංගීතවේදීන් වේදිනියන් යටතේ මම සංගීතය හා ගායනය විෂයක් විදිහට හැදෑරුවා.

No photo description available.

 

අමන්ද්‍යාගේ ගායන දිවියේ ප්‍රධානම හැරවුම් ලක්ෂය රන්වල පදනම කිව්වොත් හරිද ?

ඇත්තටම ඔව්. මම සහන් රන්වල  සර් යටතේ ජනශ්‍රුති ඉගෙන ගන්න යොමු වුණේ 7 ශ්‍රේණියේ දී ඒ හරහා මට ජන සංගීතය පැත්තට ලොකු ආසාවක් ඇති වුණා .2011 වර්ෂයේ දී වර්ෂයේදී රන්වල බලකායේ සාමාජිකාවක් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඇත්තම කියනවා නම් ගායන දිවියටත් වඩා මගේ රංගන කුසලතා වැඩි දියුණු වුණේ එතනින්.වේදිකාව මත වගේම කැමරාව ඉදිරියේ දී පවා රංගන පෞරුෂය රංගන ඇතුලේ සියුම් තැන් රංගනයේ යෙදෙමින් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණේ සහන් රන්වල ගුරුතුමා යටතේ රන්වල පදනම හරහා කියන්නේ මගේ ජීවිතයේ ගෞරවාන්විතව සිහිපත් කරන චරිතයක්.

තාත්තාගේ අඩි පාරේ යන්න ඕන කියන ආසාව පුංචි කාලේ ඇතිවුණේ නැද්ද ?

ඇත්තටම මට ගොඩක් ආසාව තිබුණේ ගීත ගායනයට. මට වැඩි දක්ෂතාවයක් තිබුණෙත් ඒ පැත්තට. රඟපාන්න එච්චර ලොකු ආසාවක් මට ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි මම පාසල් වේදිකා නාට්‍ය වල මගේ රංගන දක්ෂතා පෙන්නලා තියෙනවා. ටවර්හෝල් වේදිකා නාට්‍ය වලට යොමු වෙලා හොඳම නිළිය ලෙස පවා මම ජයග්‍රහණය ලබලා තියෙනවා පාසල් වේදිකාවේ විදිහට දිගටම මම රඟපෑවා.

එදා ඒ රංගන දක්ෂතාවෙන් වැඩක් ගන්න හිතෙන්නේ නැත්තේ ඇයි ?

පාසල් කාලේ වේදිකාවේ රඟපෑමට පස්සේ ඇත්තටම රඟපාන්න පොඩි ආසාවක් තිබුනා .ඒත් තාත්තා මම රඟපානවට කැමැති වුණේ නැහැ පාසල් කාලේ වේදිකා නාට්‍ය කිහිපයකින්ම මට ආරාධනා ලැබුණා ඒත් රඟපාන්න තාත්තා මාව යැව්වෙ නැහැ. අධ්‍යාපන කටයුතු අඩාල වේවි කියලා තමයි තාත්තා ගොඩක්ම බය වුණේ.තාත්තාගේ ත් ලොකුම හීනෙ වුනෙත් ලොකුම බලාපොරොත්තුව උනෙත් මම ගායිකාවක් වෙනවා දකින්න. තාත්තා වෘත්තියෙන් නළුවෙක් නිසා මාව නිළියක් කරන්න එයා කොහෙත්ම කැමති වුණේ නැහැ.

No photo description available.

මේ දවස් වල ටෙලි ටෙලිවිෂනය බොහොම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණම මොකද හිතුණේ ?

ශිව අංකල් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර අංකල් ටෙලියට මට කතා කරහම මට පුදුම හිතුනා. ඒ කරපු ආරාධනාවට මම උඩින්ම කැමති උනා. ඇත්තටම මගේ කලා ජීවිතයට මේ ලැබුණු ඉඩ ලොකු අවස්ථාවක් .තාත්තා අකමැති වුණත් පාසල් කාලයේදී මම රඟපානවට කාලයක් යද්දි යද්දි එයා වේදිකාවේ අතපත ගහපු රංගනයත් එක්ක ඇත්තටම මට රංගනයට එන්න ලොකු ආසාවක් තිබුනා. ඒ ආසාව මගේ යටි හිතේ තිබුණට ඒ ගමන මම හොයාගෙන යන්න උත්සාහ කළේ නැහැ .

කොහොම වුණත් වුණත් අමන්ද්‍යා නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයට එන්නේ ගිරවාගේ අඩුව පුරවන්නද ?

අපෝ නැහැ තාත්තා එක්ක බලද්දි කලාව කියලා කියන විෂය ඇතුලේ මම හරියට වැඩි ගැටයක් වගේ. ඒ ගිරිරාජ් කෞශල්‍ය රංගන ශිල්පියාගේ අඩුව පුරවන්න මේ ලෝකෙ තාම කවුරුත් ඉපදිලා නැහැ. නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයක මට කතා කරපු වෙලාවේ මුලින්ම මම කිව්වේ තාත්තට.තාත්තා ගොඩක් සතුටු වුණා තාත්තගේ අවසරය අනුදැනුම ඇතිව එහි රූගත කිරීම්වලට දායක වුණා. පළමු කොටස් දෙක තුන විකාශය වෙද්දී ලැබුණු ප්‍රතිචාර ගොඩක් ඉහළයි කුකුළාගේ ඇත්තම දුව නාඩගම්කාරයෝ රඟපාන්න ඇවිල්ල කියන ප්‍රතිචාර දක්වලා තිබුණා.

මේ ලැබුණු අවස්ථාවත් එක්ක තාත්තගෙන් රඟපාන්න අවසර ලැබුණ ද?

මට කොහොමත් රඟපාන්න ආසාවක් තිබුන නිසා මම කලින් කලින් ඉඳලම තාත්තට කියල තිබුන හොඳ නාට්‍ය පිටපතක් ලැබුණොත් මම යනවා කියලා. මේක එහෙම ආපු ගමනක් මිස තාත්තගෙ අඩුව පුරවන්න ආපු ගමනක් ගමනක් නෙවෙයි.

දූගේ රංගනයට තාත්තාගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද ?

තාත්තා ගොඩක් සතුටින් ටෙලි ටෙලිනාට්‍ය youtube හරහා කිහිපවරක්ම බලලා තිබුණා. ඇත්තටම මේක මම පුංචි තිරයක් ඉදිරියට එන දෙවන අවස්ථාව.මුලින්ම රූපවාහිනියේ අවුරුදු නාට්‍යයක පුංචි කොටසකට සම්බන්ධ වුණා.මේ ජනප්‍රිය ටෙලි නාට්‍යයට දායක වුණු පළමු අවස්ථාව. මම නවකයෙක් නිසා ඇත්තටම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ශ්‍රව්‍යාබාධිත කල්පනා ගැන චරිතය මට ලොකු අභියෝගයක් වුණා.වැරදි අඩුපාඩු හදාගන්න තාත්තා ගොඩක් උදව් කරනවා.මට මේ අවස්ථාව දුන්නට ශිවා අංකල්ටයි සද්ධා අංකල්ටයි නැවත වාරයක් මම ස්තුති ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම කියනවා නම් රඟපාන්න ගියාම තමයි තේරුම රඟපාන්න සින්දු කියන තරම් ලේසි නැහැ කියලා ඒක හරිම සංකීර්ණයි.

මේ වෙනකොට අමන්ද්‍ය වෙනත් වෘත්තියක නියැලෙනවද ?

මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා දැන් රැකියාවෙන් ඉවත්වෙලා කලාව පැත්තට පූර්ණකාලීනව යොමු වෙලා ඉන්නේ. දැනට සංගීත ගුරුවරියක් විදිහට මගේම කලායතනයක් පවත්වා ගෙන යනවා.නිළියක් විදිහට තාත්තගේ ගුරුහරුකම් යටතේ හොඳ නාට්‍යවලට දායක වෙමින් රංගනය පැත්තෙන් ඉදිරියට යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

අමන්දාගේ පෞද්ගලික තොරතුරු ?

මම ඉගෙන ගත්තේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්.කොළඹ විශ්ව විද්යාලයේ උපාධි අවසන් කරලා සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අවසන් කරලා ඉන්නෙ. මම විවාහ වෙලා ඉන්නේ. ඔහු සාරංග කලුගල්ගේ. පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා.

විශේෂයෙන් කියන්න ඕන කලාවට එන්න තාත්තාගෙන් අවසර ලැබුණත් සැමියාගේ  සහයෝගය නොතිබුණා නම් මට මේ ගමන එන්න අමාරුයි. මගේ දක්ෂතාවය අඳුරගෙන මගේ කලා ගමනට දෙන සහයෝගයට ඔහුට වගේම මගේ දෙමාපියන්ට ස්තූති කරනවා.

No photo description available.

ගිරිරාජ් කෞෂල්‍යගේ කතුරු මිතුරු චිත්‍රපටය ළඟදීම සිනමාහල්වලට ඒවිද ?

තාත්තගේ කතුරු මිතුරු චිත්‍රපටය ළඟදීම තිරගත කරන්න සූදානමක් තියෙනවා.මමත් එහි රංගනයෙන් වගේම පසුබිම් ගායිකාවක ලෙස අමරසිරි පීරිස් ශූරීන් සමග දායකවන චිත්‍රපටිය ගීත දෙක එනකම් ආසාවෙන් බලන් ඉන්නවා.

නාඩගම් කාරයෝ කුකුලා මුදලාලි කියන්නේ මේ නාට්‍ය නාට්‍යය එක්ක බැඳිල තිබුණ ලොකුම ලොකුම බැම්ම කිව්වොත් හරි.නැවත අපිට එතුමාව රංගනයෙන් දකින්න ලැබෙන්නේ කවදාද ප්‍රේක්ෂකයෝ බලා ඉන්නේ දවස එනකම්.

ඇත්තටම තාත්තා අ’සනීප තත්වයට මුහුණ දුන්නේ අ’නපේක්ෂිත විදිහට රෝ’ග තත්ත්වයේ සියල්ල දැනගත්තෙ මෑතක දී .අපේක්ෂා රෝහලේ පසුගිය කාලය පුරාවටම ප්‍රතිකාර ලැබුවා.දැනටත් ප්‍රතිකාර කරගෙන යනවා.වෛද්‍ය නිර්දේශය අනුව තමයි තාත්තා ඉදිරියේදී රංගනයට එනවද නැද්ද කියා තීරණය වෙන්නේ තාත්තා ප්‍රතිකාර වල යෙදිලා ඉන්න නිසා මේ කාලය විවේක සුවයෙන් ඉන්නවා.

සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාර කටකතා පැතිරෙනවා අද වෙනකම් මම ඇතුලු පවුලේ කිසිම කෙනෙක් ඒවට ප්‍රතිචාර දක්වලා නැහැ. හරි හැටි නොදැන ඒවා සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගන්න කලින් කර ගන්න කලින් හිතන්න කියන ඉල්ලීම ප්‍රේක්ෂකයන්ගෙන් කරනවා.තාත්තට දැන් ගොඩක් සුවයි.සුව වූ විගස සාමාන්‍ය පරිදි තාත්තාව ටෙලිනාට්‍ය තුළින් දැකගන්න ලැබේව.ඒකට කාලයක් කියන්න බැහැ.

නදීශා අතුකෝරළ – සැදැල්ල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here