සජිත් කියන්නෙත් රනිල් වගේම ජන්ද පරදින මැෂිමක් – ජොනී කියයි.

0

සජිත් ප්‍රේමදාස කියන්නෙත් රනිල් වික්‍රමසිංහ වගේ ජන්ද පරදින මැෂිමක් බව 2022-02-09 වන දින අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේදී පැවති “රට රකින ජනබලය” පොදු ජන රැළිය අමතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා.

රජරට කියන්නේ කවදත් ඔබතුමාලට හයිය දුන්න ජනතාවක් ඉන්න දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය 140,000 ක වැඩි ඡන්දයකින් අති දැවැන්ත ජයග්‍රහණයක් කර දුන් දිස්ත්‍රික්කයක්. ඒ විතරක් නෙවෙයි අපේ හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2015 දි නින්දා අ’පහාස කරලා ම’ඩ ගැ’හුවත් ඒ කිසි දෙයකට රැවටුනේ නැති ජනතාවක් තමයි මේ රජරට ඉන්නේ.

රජරට ඉන්න ආදරණීය ජනතාව ඔබතුමාව රැක්කා කියන එක අපි ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. අපේ ආණ්ඩුවක් තියෙද්දි සංවර්ධනය කරලා ඒ සංවර්ධන ව්‍යාපෘති තමයි අපි විවෘත කරන්නේ සෙනග ගෙනත්.සංවර්ධන ව්‍යාපෘති විවෘත කරන්න විතරක් නෙවෙයි අපිට ඕනෑ නම් රැලි උනත් තියලා මිනිස්සු එකතු කරන්න හයිය තියෙන පක්ෂයක් සහ ආණ්ඩුවක් කියන එක අපි මේ මුළු රටටම අද අපි පෙන්නුවා.

අපි මතක් කරනවා අද අපේ නායකතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා තිබුණ අභියෝගය තමයි යු’ද්ධය ජයග්‍රහණය කරන එක. කවදාවත් යු’ද්ධය ජයග්‍රහණය කරන්න බැහැයි කිව්වා.ප්‍ර’භාකරන්ව පරාජය කරන්න බැහැ කිව්වා. ලෝකයේ බලවත්ම ත්‍’රස්ත සංවිධානය කිව්වා. ඒ ත්‍’රස්තවාදය අවුරුදු තුනහමාරකින් පරාජය කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ.

ආර්ථිකය හැම රටකම වි’නාශ වෙලා තියෙන වෙලාවක එතුමා ජනාධිපතිවෙලා මාස දෙක යන්න කලින් මුළු ලෝකයම අභියෝගයට ලක් කරපු මුළු මිනිස් ස’න්හතියම අභියෝගයකට ලක් කරපු කොවිඩ් වසංගතය පැමිණියා. නමුත් අපේ නායක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සැලෙන්නේ නැතිව ඉතාමත් උපක්‍රමශීලීව ඉවසිලිමත්ව එය හසුරවමින් මේ රටේ තමන්ට ඡන්දය දුන් නොදුන් හැම ජනතාවගේ ජීවිත ආරක්ෂා කරපු නායකයා හැටියට නම් කරන්න පුළුවන්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා යු’ද්ධය දිනලා මේ රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත්ත නායකයා වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාස ගත වෙනවා කොවිඩ් වසංගතය මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත් නායකයා හැටියට. අද අපි මේ රැස්වීම පවත්වන්නේ අවුරුදු 2ක් ගියායින් පස්සේ. මේ අවුරුදු 02 දී අපේ ජනතාව අපිව පාරට බැස්සුවේ නැහැ. ජනතාව ඇයි අපිව පාරට බැස්සුවේ නැත්තේ, මේ රටේ මිනිස්සුන් අපේ නායකයන්ට ආදරෙයි. ඒ නිසා තමයි කොවිඩ් වසංගතය තිබියදීත් ආර්ථිකය විනාශ වෙලා ගිය වෙලාවක රට ලොක්ඩවුන් කරලා මේ රටේ අවශ්‍ය කරන බෙහෙත් ටික, අවශ්‍ය කරන එන්නත් ටික ලබා දෙමින් තමන්ගේ ජනතාව රකින්න කටයුතු කරපු නායකයෙක්. ඒක අපට කවදාවත් අමතක කරන්නට බැහැ.

පන්දාහ දුන්නා දහදාස දුන්නා බෙහෙත් ටික ගෙදරට ඇරියා. ඒවා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒවා අපේ රටේ මිනිස්සු දන්නවා. තමන්ගේ ජනතාව රකින කාලයේ ප්‍රේමදාස මහත්මයා මොනවද කෙරුවේ. එතුමා කිව්වේ එන්නත ගේන්න හයියක් නැහැ, එන්නත ගේන්න සල්ලි නැහැ, එන්නත ගේන්න ඇනවුම් කරලා නැහැ කියලා. මේ රටේ ජනතාවගේ ජීවිත එක්ක ජනාධිපතිතුමා සෙල්ලම් කරනවා, මැ’රෙන හැම ජීවිතයකටම ජනාධිපතිතුමා වගකියන්න ඕන කියලා තමයි එතුමා කිව්වේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එන්නත ගෙනාවා.

එන්නත ගෙනාපුවහම කිව්වේ එන්නත ග’හන්න සුදුසු නැහැ කියලා. මේ රටේ මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න එපා කිව්වා. මේ අය නොකියා කිව්වේ මිනිස්සුන්ට එන්නත ලබා ගන්න එපා කියලා ජනතාව බය කරන එක. එන්නත ගෙනාපුවම එතුමා කිව්වේ මම එන්නත ලබා ගන්නේ මේ රටේ සියලු ජනතාව එන්නත ලබාගත්තායින් පසුවයි කියලා. අන්තිමට එතුමාටත් කොවිඩ් හැදුනා එතුමාගේ බිරිදගේ සැලුන් එකෙන්.

කොවිඩ් හැදිලා ගිහන් හොර පාරෙන්ම එන්නත ලබා ගත්තා. එන්නත ලබාගත්තායින් පස්සෙවත් එතුමට යුතුකමක් තිබුණා මේ රටේ ජනතාවට කියන්න මම එන්නත ලබා ගත්තා කියන එක, ඔයගොල්ලොත් එන්නත ලබා ගෙන ආරක්ෂා වෙන්න කියලා. අඩුම ගානේ එතුමාට ඡන්දය දුන්න පනස්පන් ලක්ෂයටවත් කියන්න තිබුණා එන්නත ලබා ගන්න කියලා. ඒත් එතුමා එහෙම කරේ නැහැ.

ඊළඟට ඉන්නවා ගෝ’නිබි’ල්ලන්ගේ සීයට තුනේ නායකයා. බි’ල්ලෝ මවන නායකයා මොනවාද කෙරුවේ. එයත් හො’රෙන් ගිහින් එන්නත ලබා ගත්තා.එයා කිව්වෙත් නැහැ සීයට තුනේ මිනිස්සුන්ට එන්නත අරන් ආරක්ෂා වෙන්න කියලා. මේ තමයි කු’හකකම. ඒ වෙනුවට කෙරුවේ රට වහන්න කියනවා. රට වහපුවාම රට අරින්න කියනවා. ඊළගට මිනිස්සුන්ව මහ පාරට බැස්සුවා, නගරවලට බැස්සලා ඔවුන්ට උවමනා වුනේ මේ රටේ ජනතාවට මේ කොවිඩ් වසංගතය බෝකරලා මිනිසුන්ව ම’රාගන්න.

අද විපක්ෂය නියෝජනය කරන්නේ එවැනි පිරිසක්. ඊළගට කිව්වේ ඉන්දියාවේ මිනිසුන් මැ’රෙද්දි ලංකාවේ මිනිස්සුත් මැ’රෙනවා කිව්වා. ලක්ෂ දෙකක් මැ’රෙනවා කිව්වා. ලක්ෂ විස්සක් මැ’රෙනවා කිව්වා. රෝහල්වල ඇදවල් නැහැ කිව්වා. ඔක්සිජන් නැහැ කිව්වා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට පාලනය කරන්න තේරෙන්නේ නැහැ කිව්වා. මට මතක්යි බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අගමැති එක්ක කතා කරලා පක්ෂයේ අයවත් ගෙන්නලා කිව්වේ ඇදවල් 20,000ක් අවශ්‍යයි කියලා. පක්ෂයේ අය එකතුවෙලා ඇදවල් 20,000ක් හදන්න කිව්වා. අපේ පක්ෂය එකතුවෙලා ඇදවල් 20,000ක් නෙවෙයි ඇදවල් 35,000ක් දක්වා හදලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන වැඩපිළිවෙල ඉටුකරා.

ඒ විතරක් නෙවෙයි අවශ්‍ය කරන ඔක්ෂිජන් ටික එතුමා ගෙන්වුවා. අපේ ජනාධිපතිතුමා ඇතුළු පරිණත අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජන ජීවිත රැක්කේ ඒ විදියටයි. මම තමුනාන්සේලාට මතක් කරනවා අපිට අභියෝග ගණනාවක් තියෙනවා කියලා. අපිට අභියෝග කරනවා, අපිට නි’න්දා කරනවා. අපේ නායකයන්ට අපහාස කරනවා. අපිට වැඩකරපු මහා සංඝරත්නයට අ’පහාස කරනවා. අපිට ඡන්දය දුන් 69 ලක්ෂයට නි’න්දා කරනවා, අ’පහාස කරනවා, හිනා වෙනවා. නමුත් අපි විපක්ෂයට කියන්න කැමතියි. අවුරුදු දෙකක් මේ රටේ මිනිසුන්ව අපි රැක්කා. අපේ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට එන්නත ලබා දීලා ජන ජීවිත රැක්කා. දැන් අපි බැහලා තියෙනවා පාරට. පුලුවන් නම් එන්න ස’ටනට. ඡන්ද නෙවෙයි මොන ඡන්ද තිබුණත් අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරනවා.

අද ප්‍රේමදාස මහත්තයා මොනවද කියන්නේ එතුමා කියනවා රට දේශපාලන ආර්ථික සංස්කෘතික යන සිව් වැදෑරුම් අංශවලින් බිඳ වැ’ටිලා කියලා. ජනවාරි 18 රට බංකොලොත් වෙනවා කිව්වා. මාර්තු මාසය වෙද්දී සාගින්නක් එනවා කිව්වා. විදේශ රටවලින් ආර්ථික සම්බාධක එනවා කියනවා. තව කියනවා මාස තුනෙන් ආණ්ඩුව වැටෙනවා කියලා. විදේශිකයන් එන්නේ නැහැ කිව්වා. නමුත් දැන් විදේශිකයන් පෝළිමේ එනවා.

ඊළගට ජේ.වී.පී කාරයෝ පාරට බහින්න සාකච්ඡා කරනවා. ඩොලර් නෑ, ආයෝජකයෝ නැහැ කියනවා. ණය ගෙවාගන්න සල්ලි නැහැ කියනවා. තව කියනවා ලක්ෂයක් රට අතෑරල යනවා කියලා. රට හිටපු ලක්ෂ දෙකක් යලි මේ රටට ගෙනාවා. ගේනකම් ම කිව්වේ රට ඉන්න අයව ගෙන්වන්නේ නැහැ කියලා. ඉන්ධන තියෙන්නේ දවස් දෙක තුනකටයි කියනවා. විදේශ සංචිත අඩු වෙලා කියනවා. ඊළගට කියනවා ආණ්ඩුව අධිවේගි ගමනින් අ’ගාධයට යනවා කියලා. මේ තමයි අපිට ප’හර දෙන විදිහ. ඒ නිසා මේ දේවල් කිය කිය ජනතාව බ:ය කරනවා.

ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවෙලා හිටියනම් මේ රට කොහොමද. ඒ කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ ජනතාවගේ දුක දැනෙන අමුතු නහරයක් තියෙනවා කියලා. මට ප්‍රේමදාස නම ලැබිලා තියෙන්නේ තාත්තා හින්දා නෙවෙයි, මම ඔබට ප්‍රේම කරමින් දාසයෙකු ලෙස ඔබ දෙපතුල ලග වැඩ කරන නායකයෙක් කියලා. ඊළගට කිව්වේ රට පුරා ඇති ජනාධිපති මන්දිර වසා දමනවා කියලා. නිල වාහන පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. එතුමා එතකොට දැන් පාවිච්චි කරන නිලවාහනය මොකද්ද කියලා මම අහනවා.

සම්පූර්ණ ප’ට්ටපල් බො’රු ජනාධිපති ඡන්දකාලයේ දි කිව්වේ. ඊලගට කිව්වා බොත්තම ඔබපු ගමන් මිඩ්වයිෆ් ගෙදරට එන්න හදනවා කිව්වා. රෑ දොලහට ඇවිත් එබිකම් කරනවා කිව්වා. මිනිස්සු සැපෙන්ද ඉන්නෙ බලන්න මහ රැට එනවා කිව්වා මතකද.

ජනාධිපතිතුමනි ප්‍රේමදාස මහත්තයාව අපි තියාගන්න ඕනී. ඔබතුමා අපිට දුන්නේ චීන එන්නත. ඔබතුමා එතුමාට දුන්නේ ඇමරිකන් එන්නත. ඇයි ඒ එතුමාව රැකගන්න තියාගන්න උවමනාව නිසා. එයත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ ඡන්ද පරදින මැෂිමක්. ඒ නිසා තමයි චම්පිකලා, රාජිතලා දැන් ක’ලබල වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කො’ටි ඒ’ජන්ත්වරු සුමන්දිරන්ලා කලබල වෙලා තියෙන්නේ.

අද සිනමන්ග්‍රෑන්ඩ් එකට කො’ටි ඒජන්තලා සජිත්ලාට එන්න කියද්දී යන්නේ පූස් පැටව් වගේ. රනිල්ලුත් පූස් පැටියෙක් වගේ අ’ඩගහද්දී යනවා. අනුර දිසානායකට එන්න කියද්දී ගෝලයාව යවනවා. මම ඔබතුමල්ලාට කියනවා, මේ ගමන අපි යමු කියලා. මේ රට ගොඩනගන්න පුලුවන් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති හැටියටත් පරිණත නායකයා මහින්ද රාජපක්ෂ අගමැති වෙලා හිටියොත් කියලා අපි ඔබතුමන්ලාට එදා කිව්වා. ඔබතුමන්ලා හරි දේ තෝරගත්තා. මේ රට හදන්න පුළුවන්. මුළු ලෝකයම අභියෝගයට ලක් වුණ වෙලාවේ අපේ රටත් වසංගතයත් එක්ක අභියෝගයකට ලක් වුණත් අපේ නායකයා උපක්‍රමශීලීව අපේ රටත් ජනතාවත් බේරගත්තා. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. මේ රට ගොඩගන්න පුළුවන්.

රජරට කියන්නේ ගොවිජනතාව ඉන්න ප්‍රදේශයක් ඒ ජනතාවට අපි විශේෂයෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් කවරදාකවත් තමුන්නාන්සේලාගේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ කියන එක අපි ඉතාමත්ම වගකීමෙන් කියනවා. ගොවි ජනතාව අනිවාර්යෙන්ම අපි රකිනවා කියලා තමුන්නාන්සේලාට අපි මතක් කරමින් අපි මේ රට ගොඩනගමු. මේ සටන දිනන සටනක් බවට නැවත වාරයක් පරිවර්තනය කරන ජයග්‍රාහී ගමනක් යමු කියලා තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here