යඥා කරල දරුවත් නැතිකරගත් අම්ම දුන්න පුදුම උත්තරේ (VIDEO)

0

වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට ආගමික මතවාදයන් ඔස්සේ යමින් රෝ’ගයකට ප්‍රතිකාර සිදුකිරීමට දැරූ උත්සායක්
නිසා 10 හැවිරිදි දරුවෙකුට අවාසනාවන්ත ලෙස දිවි
අහිමිවූ පුවතක් වාර්තා වුණි.

කටාන, ආඩිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු මෙලෙස මි’යගොස් තිබුණු අතර සිද්ධියට අදාළව දරුවාගේ මව, පියා සහ මිත්තණිය පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අ’වාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ මලීෂ දුලක්ෂණ නමැති දරුවෙකි.මෙම දරුවා කුඩා කළ සිටම ශරීරයේ සීනි මට්ටම අඩුවීමේ රෝ’ගී තත්වයකින් පී’ඩාවිඳි බව පවුලේ ඥාතීන්
පැවසීය.

අ’සනීපයට කලක පටන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් මව්පියන් අවසානයේ තීරණය කර තිබුණේ සිය ආගමික
විශ්වාසයට අනුව රෝගය සුවකර ගැනීම සඳහා කැපවීමටය.

ඒ අනුව එතෙක් යොමු කළ සායනවලින් ඉවත් කළ දරුවාට ආගමානුකූලව වත් පිළිවෙත් කරමින් රෝගය සුවකර ගැනීමට උත්සාහ දරා තිබුණි.යාඥාවලට මුල්තැන දෙමින් කටයුතු කරමින් සිටින
අතරතුර පසුගිය 07 වනදා උදෑසන දරුවා අ’වාසනාවන්ත ලෙස මි’යගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මි’යගිය දරුවාගේ මව මෙසේ පවසා සිටියාය.”හෙම්බිරිස්සාව පොඩ්ඩක් තිබුණා. යාඥා කෙරුවාම ඒක අඩු වුණා. දෙවියන් වහන්සේ මට විශ්වාසයි”

සිද්ධිය සම්බන්ධයෙන් මි’යගිය දරුවාගේ පාසලේ විදුහල්පතිනිය සඳහන් කළේ,
“මේ අය කතෝලික. නමුත් දරුවාගේ අ’සනීපය නිසා වෙන පැත්තකට ගිහින්.”මි’යගිය දරුවාගේ බාප්පා, “වෙනත් ආගමකින් කියලා තියෙනවා සුව කරලා දෙනවා කියලා. ම’නස වි’කෘති කරලා.”

දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට වෙනුවට දෙමාපියන් සිදුකර තිබුණේ දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීම
වෙනුවෙන් තවදුරටත් යාච්ඤා කිරීමය.
මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද දහවල් සිද්ධිය වූ නිවසට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබුණි.

අත්අඩංගුවේ පසුවන මි’යගිය දරුවාගේ මව, පියා සහ මිත්තණිය ද පොලීසිය විසින් එම ස්ථානයට රැගෙනවිත්
තිබුණි.

මි’යගිය දරුවාගේ සීයා,”මම කිව්වා පුතේ ඔයාලා යන තැනක් කියන්න. මම කැඳ ටිකක් හදන් එන්නම් කියලා. පස්සේ මටත් බො’රුවක් කරලා අරන් ගිහින් තිබුණේ. නිසි ද’ඬුවම් දෙන්න.”

කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩි ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා,”මූ’ලධර්මවාදී බයිබල් කණ්ඩායම් තමයි මේ වගේ දේවල් ඉස්මතු කරලා ගන්නේ. මේ ජනප්‍රියතාවය නිසා කරන්නක් මිස වෙනත් දෙයක් නෑ.”

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා,”මෙතරම් වෛද්‍ය විද්‍යාව දියුණු යුගයක තමන්ගේ අසනීප වූ දරුවට බෙහෙත් අරන් දෙන්නේ නැතුව සුව
වෙයි කියලා දෙවියෙක් දිහා බලාගෙන ඉන්නවා නම් ඒක මොන යුගයක් ද?තර්කානුකූලව හිතන්න ඕනේ.මේ අය තමන්ගේ ජීවිතත් වි’නාශ කරගෙන සමාජයත් අ’නතුරේ දානවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here