බොරු දාන්න එපා..නිවිතිගල ගැ’ටුමේ ඇත්ත සහරා ප්ලෑෂ් නායකයා පවසයි (VIDEO)

0

දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන සහරා ප්ලෑෂ් සංගීත කණ්ඩායම සහභාගී වූ පෙබරවාරි 9 වන දින නිවිතිගල පැවති සංගීත ප්‍රසංගයයේදී අ’වාසනාවන්ත සිදුවීමක් සිදුවී තිබුණා.එම සිදුවීම වී තිබුණේ සංගීත ප්‍රසංඟය අවසන් වීමේන් අනතුරුව ප්‍රසංඟය නැරඹීමට පැමිණි පිරිසක් විසින් ගල් මුල්,පො’ලු ආදියෙන් වේදිකාවට දමා ගැ’සීම හේතුවෙනි.

බොහෝ අය පැවසූවේ සංගීත ප්‍රසංගය පැය දෙකක් පමණක් පැවැත්වීම නිසා ටිකට් පත් ලබාගත් ඇතැමුන්ට ප්‍රසංගය නැරඹීමට නොහැකිවීම හේතුවෙන් මෙම ගැ’ටුම ඇතිවී තිබුණු බවයි.

නමුත් සහරා ප්ලෑෂ් සංගීත කංඩායමේ නායක ප්‍රදීප් K සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින් පවසා සිටියේ මෙම සිදුවීමට සංගීත කංඩායමේ සම්බන්ධයක් හෝ අඩුපාඩුවක් නොවන බවත් සංගීත කංඩායමේ කිසිවෙකුට ක’රදරයක් නොමැති බවයි.

එමෙන්ම ප්‍රසංගය පැය දෙකක් පමණක් පැවත්වූ බවට ඇතැමුන් කරන ප්‍රකාශය වැරදි බවත් ප්‍රසංගය 8.35 ට පමණ ආරම්භ කර මධ්‍යම රාත්‍රී 12 වනතුරු ප්‍රසංගය පැවැත්වූ බවයි.එමෙන්ම ෆේස්බුක් වීරයන් සේ පෙනී සිටින ඇතැමුන් කරන ප්‍රකාශ තරයේ හෙ’ළාදකින බවත් එම ප්‍රකාශ බැහැරකරන බවත් ඔහු පවසා සිටිනවා.

නමුත් ප්‍රසංගය සංවිධානය කළ අයගේ අඩුපාඩු තිබුණු අතර ඇතැමුන් ප්‍රසංගය පැවැත්වූ ස්ථානයට ම’ත්පැන් බෝතල් පවා ගෙනවිත් තිබූ බව ඔහු පවසා සිටිනවා.එමෙන්ම මෙම ගැ’ටුමට හේතුවූයේ වේදිකාවට පැමිණි පිරිසක් වේදිකාවෙන් බැස්සවීමට පොලීසිය ක්‍රියා කිරීමට යාමේදී සිදුවූ බ’හින්බස් වීමක් බවත් සහරා ප්ලෑෂ් නායකයා පවසනවා.

මෙම ගැ’ටුමට සම්බන්ධ වූ පිරිස සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිටත් නිවිතිගල පොලීසිය මගින් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු පවසා සිටිනවා.එමෙන්ම සංවිධාන මණ්ඩලයේ සාමාජිකයින්ද මෙම ගැ’ටුමට සම්බන්ධ වූ බවට වීඩියෝ ඇති බවත් ප්‍රදීප් පවසනවා.

කලාකරුවන් බොහෝ පිරිසක් මේ සිදුවීම සම්බන්ධයෙන් තම ක’ණගාටුව ප්‍රකාශ කර තිබුණා.සහරා ප්ලෑෂ් නායකයා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහළින්,

නිවිතිගල ප්‍රසංගයේ එම අ’වාසනාවන්ත සිදුවීමේ වීඩීයෝද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.එම වීඩියෝව පහලින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here