මි’යගිය යාචකයාගේ හොර සාක්කුවෙන් ලක්ෂ හතරක් මතු වෙයි.

0

හක්මන නගරයේ ජීවත් වූ යාචකයකු හදිසියේ මි’යගොස් ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවලින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි.

හක්මන කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංවිව සිටි හැට නව හැවිරිදි ඊ.එස්.විමලදාස යන අයකු පෙරේදා (10) දහවල් ඔහු පදිචිව සිටි නිවස අසල ඇති කන්දෙන් පහලට පෙ’රලි ගොස් මෙලෙස මි’යගොස් තිබුණි.

හක්මන නගරයේ සිගමන් යදිමින් ජිවත්වූ ඔහු අවිවාහකයෙකු වන අතර ඔහු හේවිසි වාදන ශිලිපියෙකු ලෙස කටයුතු කර ඇති බවත් මි’යයන විටත් කුඩා නිවසක තනිවම ජිවත්වී තිබේ.

මි’යගිය පුද්ගලයා සම්බන්ධයෙන් හදිසි  ම’රණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ ම’රණකරු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබි රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) පමණ මුදලක් හමුවු බව හක්මන පොලිසිය පවසයි.

හක්මන හදිසි ම’රණ පරීක්ෂක ඩී ගලගම මහතා විසින් මි’ය ගිය අයගේ හදිසි ම’රණ පරික්ෂණය සිදුකළ අතර ඊ.එස්.විමලදාස යන අය  ම’රණ පරීක්ෂණයේදි සාක්සි ලබාදිමට කිසිවකුත් ඉදිරිපත් නොවීය. මි’යගිය අයට කිසිදු ඥාතියකු එම ප්‍රදේශයේ නොමැති අතර හක්මන නගරයේ සිගමන් යදිමින් ජීවිකාව ගෙනගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි.

මි’යගිය අයගේ සිරුර හමුවු ස්ථානය අසල ඇති ඔහු පදිංචිව සිටි කුඩා නිවස පරික්ෂාකළ නිලධාරිහු එහි තිබු දැඩි ලෙස කළු පැහැ ගැන්වි ඇති කොට කලිසමක් පරික්ෂා කිරිමේදී එහි රහස් සාක්කු කිහිපයක තිබි මෙම විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

හදිසි ම’රණ පරික්ෂකවරා ඉදිරියේදී එලෙස සොයාගත් රුපියල් පන්දහස, දහස, පන්සියය, සීයය, පනහ, විස්ස,දහය යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටු සහ විවිධ අගයන්ගෙන් යුත් කාසිවල වටිනාකම ගණනයකළ අතර රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැට හතක මුදලක් තිබූ බව පොලිසය කියයි.

දෙනගම යසන්ත ආරියසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here