සෞඛ්‍ය සේවක වැඩ ව’ර්ජනය හේතුවෙන් රෝහලෙන් කළයුතු එක්ස්රේ හා ස්කෑන් පරීක්ෂණ අදාළ අංශවලින් කරවාගත නොහැකි වීමෙන් ශ’ල්යකර්මයකට ලක්කළ කාන්තාවක් පෙරේදා (9 දා) බිබිල මහාචාර්ය සේනක බිබිලේ අ’නුස්මරණ රෝහලේදී මි’යගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මි’යගියේ බිබිල නන්නපුරාව – වැලිපිටිය, තල්ගහවත්තේ ඒ. එම්. උක්කුමැණිකා (85) නමැති කාන්තාවකි.
මි’යගිය කාන්තාව උ’දරාබාධයක් හා හුස්ම ගැනීමේ අ’පහසුතාවක් හේතුවෙන් පසුගිය 08දා රාති‍්‍ර ඇගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය සේවක ව’ර්ජනය හේතුවෙන් රෝහලේදී කරගත යුතුව තිබූ රෝ’ගී කාන්තාවට අවශ්‍ය එක්ස්රේ හා ස්කෑන් පරීක්ෂණ කර ගැනීමට නොහැකි වී ඇත. අදාළ අංශවලින් එම පරීක්ෂණ කරදෙන ලෙස වරින්වර ඉල්ලීම් කළත් එය ඉටු වී නැත.
එම නිසා රෝගී කාන්තාවගේ ඥාතීන්ට එම පරීක්ෂණ බාහිර ස්ථානයකින් කරගැනීමට සිදුවීම නිසා ප්‍රමාදයක් සිදුව ඇත. සෞඛ්‍ය වැඩ ව’ර්ජනය නිසා හදිසි ප්‍රතිකර්ම සඳහා අවශ්‍ය පරීක්ෂණ රෝහලේදී සිදු නොවූවද සායනික අනුමානයන් මත සිදුකළ ශල්‍ය ක’ර්මයේදී පෙරේදා එම කාන්තාව මි’යගොස් ඇත.
මේ පිළිබඳ බිබිල – මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ජී. ඞී. එන්. සමරුතිලක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ එම කාන්තාවගේ ම’රණය පිළිබඳව තමාට පැ’මිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නෝමන් පලිහවඩන – ශිරාන් රණසිංහ, බිබිල – ජේ. රත්නායක,