ගස උඩ සිහි නැතිවූ තරුණයා බිමට ගැනීමට මෙහෙයුමක්

0

දොඩංගොඩ විහාරස්ථානයක අඩි 30 ක් පමණ උසැති ගසක තැඹිලි වල්ලක් ක’පමින් සිටියදී පාදයට පි හි ප”හරක් වැදී ගස උඩ සි’හිමූර්ජා වී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගි’නි නිවන ඒකකය කළ මෙහෙයුමකදී බේරාගෙන තිබේ.

පොලිසිය, ප‍්‍රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගි’නි නිවන නිලධාරීන් සිව්දෙනකු මෙහෙයුමට දායක වූ බව දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙසේ තු’වාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප‍්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (10 දා) දහවල් දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැ’පීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කළ ම’න්නා ප’හරක් වම් පාදයට ඔහු සිහි’මුර්ඡුා වී ගස උඩ සි’රවී ඇත.

කළුතර නගර සභාවට සිද්ධිය සැලවීමත් සමගින් නගරාධිපති අමීර් නසීර් මහතාගේ උපදෙස් පරිදි, ස්ථාන භාර ගිනි නිලධාරී ටී. ඒ. යූ. එස්. කුරේ ඇතුළු සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගි’නි නිවන රථයක් සමග ස්ථානයට පිටත් කර යවා ඇත.

එහිදී ටී. ඒ. යූ. එස්. කුරේ සහ ගි’නි භට දනිත් ලක්මාල් යන නිලධාරීන් දිගහැරිය හැකි මීටර් 18 ක ඉනිමගක් සහ ආධාරක කඹ උපයෝගී කරගනිමින් ගස උඩ සි’හිමුර්ඡුා වී සිටි තරුණයා පහතට ගෙන ඒමට කටයුතු කර ඇතැයි පොලිසිය කීය.

ස්ථානයට ඒ වනවිටත් 1990 ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කර තිබූ අතර, ඉක්මනින් තු’වාලකරු නාගොඩ මහ රෝහලට රැගෙන යන ලදී. තු’වාලකරු දැ’ඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ශ’ල්‍යකර්මයන් සිදුකිරීමට නියමිත බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here