දුරකථනයෙන් හාද වී පාසල් සිසුවිය රැගෙන ගිය සැ’කකරු අත්අඩංගුවට

0

මවට දුරකථන ඇමතුම් ලබාදී හඳුනාගෙන, ඇයගේ දියණියව කැටුව ගොස් සඟවාගෙන සිටි පුද්ගලයකු පසුගිය 08 දා අත්අඩංගුවට ගත් බව පිංවත්ත පොලිසිය පවසයි.

කාන්තාවක විසින් සිය දියණිය නිවසේ නොමැති බවට කරන ලද පැ’මිණිල්ලක් අනුව සැ’කකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස දෙකකට ප‍්‍රථම පැ’මිණිළිකාරියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති අතර ඇයගේ 14 හැවිරිදි දියණිය එම ඇමතුමට පිළිතුරු දී ඇත.

27 හැවිරිදි තරුණයෙකු එසේ දුරකථන ඇමතුම ලබා දී ඇති අතර පසුවද ඔහු අවස්ථා ගණනාවක දී ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඇතැයි පොලිසිය කියයි.

පසුව අදාළ තරුණයා මීට දින දෙකකට ප‍්‍රථම රාත‍්‍රී පැමිණ පාසල් සිසුවිය නිවැසියන්ට හො’ර රහසේ හොරණ ප‍්‍රදේශයට කැටුවවිත් නිවසක සඟවාගෙන සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

දැරිය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සැ’කකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පින්වත්ත ස්ථානාධිපති පො.ප. සුරංග රණවීර මහතාගේ උපදෙස් පරිදි අ’පරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. එම්. හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කරති.

මෙවන් සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාවටම වාර්ථා විය.විශේෂයෙන්ම පාසල් යන ශිෂ්‍යාවන් ජංගම දුරකථන ඔස්සේ නොයෙක් පුද්ගලයින්ට රැවටීම මේ වනවිට සුලභ තත්වයට පත්වීම අතිශය ක’ණගාටුදායකය.

විශේෂයෙන්ම ගැහැණු ළමුන් සිටිනා දෙමව්පියන් තම දරුවන් කරන කී දේ පිළිබඳව,ඔවුන් ජංගම දුරකථන සමඟ කුමක් කරන්නේද යන්න පිළිබඳව සොයා නොබැලීම මෙයය හේතුවකි.නිරන්තරයෙන් තම දරු දැරියන් පිළිබඳව සොයා බැලීමෙන් අවාසනාවන්ත සිදුවීම් රාශියක් වළක්ව ගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here