ලක්ෂ 137ක මුදල් සහ පවුම් 47ක රන්බඩු රැගෙන බිරිඳ දරුවන් සමග ප’ලා ගිහින්.

0

රුපියල් ලක්ෂ 137 ක මුදලක් සහ පවුම් 47 ක් වටිනා රන් භාණ්ඩ රැගෙන තම බිරිඳ දරුවන් සමග ප’ලාගොස් ඇතැයි ජ්‍යොතිෂවේදියකු කරන ලද පැ’මිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ වෙත ඊයේ (10 වැනිදා) දන්වා සිටියේය.

මුල්ලේරියාව, ගල්වාන පදිංචි මියුරු සම්පත් ලියනගේ නමැති අයකු අදාළ පැ’මිණිල්ල මුල්ලේරියාව පොලිසිය වෙත කර ඇත.

සිය බිරිඳ මුදල් සහ රන් භාණ්ඩ සමග විදේශ ගතවීමට සූදානම් බවට තොරතුරු ලැබී තිබෙන බවත්, එය වළක්වමින් ඇයට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසත් පැ’මිණිලිකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පැ’මිණිලිකරු ඉල්ලන විදෙස් ගමන් ත’හනම ලබානොදුන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මුල්ලේරියාව පොලිසියට නියම කළේය.

ඉෂාර රත්නකාර – අරුණ පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here