ජංගම දුරකතන ක්‍රීඩා නිසා තවත් දරුවෙකුට දිවි අහිමිවෙයි.

0

මාර්ගගත අධ්‍යාපනයට ලබාදුන් ජංගම
දුරකථනය තවත් දරුවෙකුට දිවි අහිමි
කළ ඛේ’දනීය පුවතක් අනුරාධපුර
නගරයෙන් වාර්තා විය.

මි’යගිය දරුවාගේ පවුලේ ඥාතීන්
පවසන්නේ දුරකථන ක්‍රීඩාවල නියැලීමට
පුරුදුව සිටි අදාළ දරුවාට මව දුරකථනය
ලබානොදීම හේතුවෙන් දරුවා ජීවිතය නැති කරගෙන ඇති බවය.

මි’යගිය අනුහස්ගේ පුංචි අම්මා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්විය.”අම්මා උදේ වැඩට ගිහිල්ලා අම්මා පැය තුනකට විතර පස්සෙ ඇවිල්ල තියෙනව මෙයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැති හින්දා.

අම්මා දොර ඇරගෙන ඇතුළට එනකොට
පුතා මෙතන නැතිවෙලා ඉඳලා තියෙන්නේ.හේතුව අම්මගෙන් උදේ ෆෝන් එක ඉල්ලලා ෆෝන් එක දීලා යන්න කියලා අම්මා ෆෝන් එක දීලා නැහැ. ඒ ගේම් එකට ඇ’බිබැහිවෙලා ගේම් එකේ තියෙන විදිහට තමයි ලණු අඹරලා අවුරුදු 12ක ළමයෙක්ට දකින්නේ නැතුව ඒ වගේ දෙයක් කරන්න බැහැ.

ඉතින් ඒ ගේම් එකේ දැක්ක දේ තමයි කරලා තියෙන්නේ. කියන්න තියෙන එකම දේ මේක කොහොම හරි ත’හනම් කරන්න ජනාධිපතිතුමනි. අපිට අපේ ළමයා නැති වුණා. ලංකාවේ කිසිම ළමයෙක් ට මේදේ වෙන්න දෙන්න එපා.ළමයින් බේරගන්න.

ඔන්ලයින් අධ්‍යාපනයට ඇවිත් අවසානයට වුණේ මේක. කිසිම
අම්මෙක්ට තාත්තෙක්ට දුක දැනෙන්න දෙන්න එපා.”සිය මව ජංගම දුරකථය ලබානොදීම නිසා මෙලස දිවි හා’නිකරගෙන තිබුණේ අනුරාධපුරයේ පදිංචිව සිටි අනුහස් මධුෂාන් සෙනෙවිරත්න.

අනුහස් අනුරාධපුර ශාන්ත ජෝසප්
විද්‍යාලයේ 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ
12 හැවිදිරි සිසුවෙකි.මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් ජංගම දුරකථනයෙන් ජංගම දුරකථන ක්‍රීඩාවල නිතර නියැලීමට අනුහස් පුරුදුව සිටිබව ඥාතිහු පවසති.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමත් සමඟ දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මවිපියන් පියවර ගැණුනි.ඒ හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම වාර්ථා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here