ෂෙඩ් එකේ පොම්පකරුගේ දුරකථනයට වැඩේ දුන් අයට වැඩ ව’රදී

0

ඉන්ධන ලබා ගැනීමට පැමිණි ඇඟලුම් කර්මාන්තශාලා සේවකයකු බළන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවෙකුගේ රුපියල් හතළිස් තුන්දහසක් පමණ වටිනා ජංගම දුරකතනය සො’රකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් වි’මර්ශන ආරම්භ කර ඇත.

ඉන්ධන පිරවුම්හල වෙත යතුරුපැදියකින් පැමිණි ඇඟලුම් කර්මාන්තශාලා සේවකයා රුපියල් දහසක පෙට්‍රල් ලබා ගැනීමෙන් පසු අදාළ මුදල ලබා ගැනීමෙන් අනතුරුව පොම්පකරු මඳකට ඉවතට ගොස් ඇත.

එම අවස්ථාවේදී ඉන්ධන යන්ත්‍රයක් මත තිබූ ජංගම දුරකතනය ඇඟලුම් කර්මාතශාලා සේවකයා සො’රකම් කර කලිසමේ ස’ඟවා ගෙන යතුරුපැදියෙන් ප’ලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙලෙස සැ’කකරු ජංගම දුරකතනය නිවෙසේ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබිණි. ඒ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුවය. සැ’කකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දුරකතනයේ වටිනාකම වැඩි බව හඳුනා ගැනීමෙන් පසු සො’රකම් කිරීමට සිතූ බවයි.

සොයාගත් ජංගම දුරකතනය බළන්ගොඩ පොලිසියේදී පොම්පකරුට ඊයේ (14) භාර දී ඇත. සැ’කකරුට එරෙහිව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here