පෙම් සබඳතාවය බි’ඳ වැ’ටුණු තරුණයකු සිය පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමෙන් අනතුරුව ඔහු හා තරුණියගේ පියා අතර ඇති වූ ගැ”ටු මකින් පසු දෙදෙනාම රෝහල් ගතකර ඇතැයි පෙරේදා (13දා) රක්වාන පොලිසියෙන් වාර්තාවිය.
සිදුවූ ගැ’ටුම හේතුවෙන් තරුණයා කහවත්ත රෝහලටත් තරුණියගේ පියා රක්වාන ප්රාදේශීය රෝහලටත් ඇතුළත් වී ඇති බවද පොලිසිය පැවසීය.
මීට ටික කලකට පෙර රක්වානේ තරුණියක හා මාදම්පේ තරුණයකු පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති අතර තරුණයා විවිධ වර්ගයේ ම’ත් පැන් පානය කිරීමට ඇ’බ්බැහි වූ තරුණයකු බව දැනගත් තරුණියගේ දෙමාපියන් සබඳතාවට වි’රුද්ධ වී ඇත.
කාලය ගත වීමත් සමග තරුණිය දෙමාපියන්ගේ අවවාද කිරීමත් සමග ආදර සබඳතාව නතර කර දමා ඇති බවද පොලිසිය පැවසීය.තරුණිය අහිමි වීමේ වෛ’රයෙන් පසුවූ තරුණයා මෙසේ ඡායාරූප අන්තර්ජාලයට මු’දා හැර ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිසිය රෝහල්ගතව සිටින දෙදෙනාගෙන් ප්රකාශ සටහන් කරගත් බවත් ඉදිරියේදී මෙයට සම්බන්ධ වූ දෙදෙනා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් රක්වාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සී.පී.ගුණසේකර පැවසීය.