ඌරන්ට ඇද්ද විදුලි රැහැනින් තරුණයෝ දෙදෙනෙක් අවසන් ගමන් යයි.

0

වල් ඌරන් ද’ඩයම් කිරීමට යොදා තිබූ අ’නවසර විදුලි රැහැනකට හසුවූ තම මිතුරා බේරා ගැනීමට  ගිය විදුලි බල මණඩලයේ සේවකයකු ද මිතුරා සමගම විදුලි රැහැනට හසුවීමෙන් පසුගිය 11 වැනිදා රාත‍්‍රි 8.30 ට පමණ මි’යගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

මෙලෙස මි’යගොස් ඇත්තේ පැල්මඩුල්ල, බටලන්ද, සිංහපුර පදිංචි ටී. ඞී. දිනේෂ් කුමාර (30) සහ ආර්. එම්. පුන්සිරි පුෂ්පකුමාර (39) නමැති දෙදෙනෙකි.

තවත් මිතුරන් දෙදෙනකු සමග මි’යගිය දෙදෙනා මැණික් පතල් කැපීමට කුඹුරක් හරහා යෑමට උත්සාහ කිරීමේදී කුඹුරට යොදා තිබූ අනවසර විදුලි රැහැන්වලට පැටලී වි’දුලිසර වැදී ම’රුමුවට පත්ව ඇතැයි පැල්මඩුල්ල පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මුලින්ම කුඹුරට බැසගත් දිනේෂ් අ’නවසර විදුලි රැහැනට හසුවූ විට විදුලි බල මණඩලයේ සේවකයකු වූ පුන්සිරි තම මිතුරා බේරා ගැනීමට ලීයකින් ප’හරදි විදුලි රැහැන කඩා දමා කෘතිම ශ්වසනය ද ලබාදී ඇතැයි ම’රණ පරීක්ෂණයේ දී හෙළි විය.

මිතුරා බේරා ගැනීමට උත්සාහ කරන අතරවාරයේ දී විදුලි බල මණ්ඩලයේ සේවකයා ද අනවසර විදුලි රැහැනකට හසුවී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

විදුලිසර වැදුණු දෙදෙනා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් මි’යගොස් තිබුණි.අ’නවසර විදුලි රැහැන් යෙදූ සැ’කකරුවන් අත්අඩංගුවට ගැනීමට පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මක නවරත්න මහතාගේ මෙහයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here