කන්තෝරුවේ පෙම්වතියට වැලන්ටයින්දා රෝසමලක් එක්ක දරු දෙදෙනකුත් ලැබිලා

0

පෙම්වතුන්ගේ දිනයට අ’නියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරියට හා දරුවන්ට හමුවීම නිසා විශාල අ’කරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තාවෙයි.

මැදිවියේ පසුවන මෙම සේවකයා නළුවකු කලාකරුවකු ලෙස හඳුන්වාගනිමින් සේවා ස්ථානය සහ පිටත දී මොහු කටයුතු කරන අතර රාජකාරියට වඩා කතාවට දක්ෂ පුද්ගලයකු ලෙසට ද ප්‍රසිද්ධියක් උසුලයි.

කාර්යාලයේම සේවය කරන තවත් කාන්තාවක සමග පෙම්හබයක පැටලී සිටින මොහු විවාහකයකු වන අතර පාසල් යන වයසේ දරුවෝ ද සිටිති.පෙම්වතුන්ගේ දිනයට සිය පෙම්වතියට තෑගී දීම සඳහා විශාල ප්‍රමාණයේ චොකලට් එකක් රෝස මලක් සහ කුඩා අත්ඔරලෝසුවක් මිල දී ගෙන අලංකාර ඇසුරුමක අසුරා සිය ගමන් බෑගයේ සුරක්ෂිතව තබාගත්තේය.

සති අන්තයේ දරුමල්ලන් සමග නිවසේ කාලය ගත කළ අතර බිරිය ලියාදුන් බඩු ලැයිස්තුව රැගෙන ඒමට සෙනසුරාදා උදේ ඔහු සතිපොළට ගියේය.පාසල් යන වයසේ සිටින දරුවන් දෙදෙනා තාත්තාගේ කාමරයට ගොස් සෙල්ලම් කරන අතරතුර වැඩිමහල් ළමයා තාත්තාගේ බෑගය වෙනදා මෙන් විවෘත කර බැලු‍වේය.

ලස්සන පාර්සලයක් දුටු දරුවෝ දෙදෙනා එය ඔසවාගෙන අම්මා සොයා දිව ගියහ. දරුවන් අත ඇති පාර්සලය දුටු කාන්තාව පුදුමයට පත්ව පාර්සලය විවෘත කර බැලු‍වාය.

පාර්සලය තුළ ඇති දේවල් දුටුවිට ඇයගේ දෑස් උඩ ගියේය.කාන්තාවකගේ නමක් සඳහන් කරමින් ලියා තිබූ ආදර වදන නිසා ඇයගේ හිසට ය’ක්ෂයා ආ’රූඩ වූ අතර චොකලට් එක දරුවන් දෙදෙනාට කෑමට දුන්නාය.

පොළට ගොස් පැමිණෙන විට බිරිඳ හා දරුවන් නිවසේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ලේ තිබූ පාර්සලයේ කවරය පමණක් කාමරයේ මේසය මත ඇති අයුරු ඔහු දුටුවේය.

දරු දෙදෙනා සමග සිය මහගෙදරට ගිය කාන්තාව සැමියා රැගෙනවිත් තිබූ තෑගි ද රැගෙන ආදරවන්තයන්ගේ දිනයේ දී ඔහුගේ කාර්යාලයට ගොස් ආදර වදනෙහි නම සඳහන් කාන්තාව සොයා රෝස මල සහ අත්ඔරලෝසුව තෑගි කළාය.

රෝස මලට අමතරව දරු දෙදෙනා ද බාරගන්නා ලෙසට කාන්තාවට ලු‍ණු අඹුල් සහිතව ආමන්ත්‍රණය කිරීම නිසා මුළු පෙම් කතාවම කාර්යාලය පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here