හිත ඇත්නම් පත කුඩාද කියල අපේ පැරණි කියමනක් තියෙනවනෙ..ඒ කියන්නෙ උත්සහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ කියල.හැබැයි ඒ දේ හැමෝටම බෑ.අපේ ගොඩක් මිනිස්සු කට ඇරියොත් කියන්නෙ නෑ බෑ කියල.ඒත් උපුල් රංජිත් කියන්නෙ සැබෑවටම හිත ශක්තිමත් සැබෑම වීරයෙක්.
මේ දවස්වල සිරිපා කරුණා කරන්න බොහෝ පිරිසක් යනව.සිරිපා කරුණා කරනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ.හැබැයි ශ්‍රද්ධාවෙන් කට වචන පරිස්සමින් බෑ කියල හිතන් නැතුව සිරිපා කරුණා කරන්න පටන්ගත්තොත් බැරි නෑ.හැබැයි ගොඩක් දෙනෙක් සිරිපා කරුණා කරන්නෙ එක පාරයි.මොකද ඒ ගමන ඒ තරමටම මහන්සියි.හැබැයි සිරිපා කරුණා කරනව කියන්නෙ පුදුමාකාර ආශ්වාදජනක ගමනක්.හිතට පුදුම ශාන්තියක් දැනෙනව.
ඉතින් උපුල් රංජිත් කියන්නෙ දෙපා අහිමි තරුණයෙක්.හැබැයි ගතේ ශක්තිය නැති උනත් ඔහුගේ හිතේ ශක්තියනම් අපිරිමිතයි.ඒ නිසාම දෙපා අහිමි උපුල් උතුම් ශ්‍රී පතුළ පස් වතාවක් වැදපුදාගෙන කියන කිව්වොත් ඔබට පුදුම හිතෙයි.ඔව් ඔහු ශ්‍රී පාදෙ යකඩ පො’ලු වල එල්ලිලා,පඩිපෙල් දිගේ ඉදගෙන ඇවිදල මේ පාරත් සිරිපතුල වැදගෙන.ඒ පස්වෙනි වතාවට.
ඉතින් මේ අති දක්ෂ,හිත හයිය තරුණයා අතපය හතර හොදට තියෙන අනික් හැමෝටම ආදර්ශයක්.ඔහු මේ කාලෙ සැබෑ වීරයෙක්.අපි ඔහුට සුභ පතනව ජීවිතේ ඉදිටියටම යන්න.හැමදේම සාර්ථක වෙන්න කියල.දෙපා අහිමි වුනත් ඔහුට මේ ලබාගන්නා පුණ්‍ය බලයෙන් දෙපා දහසක ශක්තිය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.