ව්‍යාජ හැදුනුම්පතක් හදාගෙන යාළු හාමුදුරුවෝ වෙනුවට විභාගෙ ලියල

0

ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් උපයෝගී කරගෙන වෙනත් භික්ෂූවක් වෙනුවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පිළිතුරු ලියමින් සිටි හිමිනමක් පෙරේදා (15දා) අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත,මහහීල්ල – ඉසුරුපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමකි.

පෙරේදා (15 වැනිදා) පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවැනි කොටසේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි හිමිනම සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරයාට සැ’කයක් මතුවී ඇත. අනතුරුව විභාගයට පිළිතුරු ලියමින් සිටි හිමියන් ශාලාධිපතිවරයා විසින් කැඳවා ප්‍රශ්න කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ පුත්තලම – ඉස්මායිල්පුරම් ප්‍රදේශයේ විහාරස්ථානයක ලිපිනයක හිමි නමක් වෙනුවෙන් ලැබී තිබූ විභාග ප්‍රවේශ පත්‍රයකට සැ’කකාර හිමිනම විභාගයට පෙනී සිට ඇති බවයි.

එම හිමිනමද වැලිගම – කොක්මාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බවද හෙළිවී ඇත. තමන් දින 03 ක් මේ ආකාරයට හිතවත් හිමිනම වෙනුවෙන් විභාගයට පිළිතුරු සැපයූ බවද සැකකාර හිමිනම පිළිගෙන ඇත.

අනතුරුව විභාග ශාලාධිපතිවරයා විසින් සැ’කකාර හිමිනම පුත්තලම පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැ’කකාර හිමිනම පසුගිය වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ සාමාර්ථයක් ලබා ගෙන ඇති අයකු බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත සකස් කර ඇත්තේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් හෙළිවී නැත.

( ජූඩ් සමන්ත – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here