පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා කොම්පැණි වෙනුවෙන් පෙනී ඉන්න එපා..ජොනීගෙන් මරික්කාර්ට උත්තර

0

2021-02-22 වන අද දින මරික්කාර් මන්ත්‍රීවරයා විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ 03වන කොටසෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබද අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සම්පූර්ණ පිළිතුරු කතාව.

මරික්කාර් මන්ත්‍රිතුමා විසින් අසන ලද ප්‍රශ්න දෙකට අපිට කියන්න තියෙන්නෙ විවෘත කරපු නැති ටෙන්ඩර් එකක ගණන් කොහෙන්ද ගත්තේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඔබතුමා කියනවා සමාගමක් නියෝජනය කරන්නේ නැහැ කියලා. ඔය දුන්න අයගෙන් ගිහින් අහන්න මාස හතක් තිස්සේ මේ ටෙන්ඩර් එක ඉවර කරගන්න බැරි උනේ ඇයි කියලා.තමුන්නාන්සේලා කතා කරනවා එම්.සී.සී. කියලා සමාගමක් ගැන.

ඒ එම්.සී.සී. සමාගම මෙම ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ කරන්නේ අ’නියම් බ’ලපෑමක්. මේ හදන්නේ නිලධාරීන්ව බ’ය කරන්න. ආණ්ඩුව බ’ය කරන්න. තමන්ගේ කාලේ එක කිලෝමීටරයකට රුපියල් ලක්ෂ දහඅටදාහක් වැඩියෙන් දුන්නා. ඒ වගේ කිලෝමීටර් හතළිහක් දුන්නා. එහෙමයි කළේ. ඔබතුමා නියෝජනය කරපු ලොක්කෝ ටික එකතුවෙලා දුන්නේ. දැන් යූ.එන්.පී කියන්න එපා. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි කියන්නේ දෙකම එකයි. ඔබතුමාගේ නායකයත් හිටියේ ඒ කැබිනට් මණ්ඩලයේ වාඩිවෙලා. වෙන කොහේවත් නෙමේ. ප්‍රේමදාස මහත්තයා හිටපු කැබිනට් මණ්ඩලේ තමයි අත උස්සලා දයා ගමගේට කොන්ත්‍රාත් දුන්නේ.

ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ රජය, අපේ ජනාධිපතිතුමා දූ’ෂණයෙන් තොරව තමයි රට පාලනය කරන්නේ. ඔබතුමාට මම මතක් කරන්නම් ඔබතුමාලගේ ඉදිරිපෙලේ ඉන්න ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා.රුවන්පුර මාර්ගය අඩුම ටෙනඩර් එක බිලියන 15ක් ඉතිරි කෙරුවා මේ රටට. තමුන්නාන්සේලාගේ පැත්තේ එක්කෙනෙක්වත් හොද කිව්වේ නැහැ. එක වචනයක් කිව්වේ නැහැ.හැබැයි ඉදිරිපෙලේ ජනාධිපති අපේක්ෂකයා මොනවද කිව්වේ. එයා කිව්වා අඩුම මුදලට මාගා ආයතනයට දීලා හො’රකම් කෙරුවලූ. දැන් අහනවා ටෙනඩර් දීපු නැති ප්‍රසම්පාදන කටයුතු කරගෙන යද්දි අහනවා කොහොමද මේ කියලා.

මං අහනවා කෝටි එක්දහස් හයසිය ගාණක් එහෙම හො’රකම් කරන්න පුළුවන්ද? ඔබතුමා නම් එහෙම කිව්වේ නැහැ. ඔබතුමාත් කවුරුහරි කියපු දෙයක් පාර්ලිමේන්තුවේ ඇවිත් කිව්වේ.ඒ කාලේ දූ’ෂණ පෙරමුණවල් කියලා අටවගෙන මලික් සමරවික්‍රමගේ සාක්කුවේ හිටපු පූස් පැටව් ටික, බලූ පැටව් ටික. ඒ තමයි ඇත්ත. ඔබතුමා හිටියේ නැහැ. එහෙම අය තමයි මේවා අටවගෙන අද මේ ම’ඩ ගහන්නේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ දූ’ෂණයෙන් තොරව මේ රට පාලනය කරනවා කියලා අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුවේ ඉදගෙන තමයි ජනාධිපතිතුමාත්, රජයත් කටයුතු කරන්නේ. තමුන්නාන්සේ ද’ඩුවම් කරන්න කියලා කියනවා. හැබැයි ඒ කාලේ වටරවුම් පාරේ මංතීරු හය හතරට බස්සලා බිලියන 66ට දුන්නා.හැබැයි ඔබතුමා එදා නැගිටලා කතා කලේ නැහැ. ජනතාවාදී දේශපානඥයෙක් හැටියට ඔබතුමාට කතා කරන්න බෑ ඒ කාලේ. කතා කලා නම් අස් කරනවා. මහ බැංකුව කඩපු පට්ට හො’රු රැලක් හිටියේ හිටියේ ගිය ආණ්ඩුවේ. ඒ නිසයි ඔබතුමා ආදරය කරපු එක්සත් ජාතික පක්ෂය දාලා ඔබතුමාට ස.ජ.ඛෙට යන්න වුණේ. නැත්නම් කවදාවත් ඔබතුමා එක්සත් ජාතික පක්ෂය දාලා යන්නේ නැහැ.

අපි ඔබතුමා ගැන දන්නවා. අපේ මිත්‍රත්තවය අවුරුදු 25කට 30කට වැඩියි.දේශපාලන වශයෙන් මොනවා කිව්වත් අපිට ඔබතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්ණයක් නෑ. ඒ කරපු පට්ට හො’රකම් හින්දා තමයි ඩී.එස් සේනානයක මහත්මයා හදපු එක්සත් ජාතික පක්ෂය දියවෙලා ගියේ. එදා හිටපු වාමාශික අයත්, විපක්ෂ නායකයත් ඒ පැත්තේ, විපක්ෂයේ සංවිධායකත් ඒ පැත්තේ. ඔක්කොම හො’රුටික එකතු වෙලා හොරකම් කරපු එකයි කෙරුවේ.

අද කියනවා ආර්ථීකය වැ’ටිලා,බංගලිදේශයෙන් ගිහින් ණය ගන්නවා කියලා. ඔව්. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පරදින්නේ නැතුව හිටියා නම් අද මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවෙදිත් අද මේ රටේ ආර්ථීකයට මෙහෙම වෙන්නේ නැහැ.තමුන්නාන්සේලා මහ බැංකුව හො’රකම් කෙරුවා විතරක් නෙවෙයි, අධිවේගී මාර්ගවලින් හො’රකම් කෙරුවා. ඔබතුමාගේ ඇමතිතුමා අද කියනවා පරීක්ෂණ කරන්න කියලා.අපිට ඕනෙ වුනේ පරීක්ෂණ කරලා තමුන්නානසේලා කරපු දේවල් කරන්න නෙවෙයි. අපිට ඕනෙ වුනේ ඔබතුමලා ක’ඩලා ව’ට්ටලා වි’නාශ කරපු ආර්ථීකය නැවත ගොඩනගන්න.

ඊළඟට මුලූ ලෝකෙම අභියෝගයට ලක් වෙච්ච කොවිඩ් වසංගතයෙන් මේ රටේ මිනිස්සු ටික බේ’රාගන්න. ඒකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබුණු එකම පරමාර්ථය. ඔබතුමාලා බලය අරගෙන දාපු නඩු දැක්කනේ. හෙට දාලා තියෙනවා කල් තැබීමේ යෝජනාවක් නඩු අයින් කර ගන්නවාලූ කියලා. අපි නඩු කිව්වේ ඔබතුමාලගේ ආණ්ඩුව තියෙද්දි. අ’සාධාරණ නඩු, චෝ’දනා, සාක්ෂි හදලා. සාක්ෂිකරුවො මවලා, අ’ල්ලස් කොමිසමට තමුන්නාන්සේලාට ඕනේ අධ්‍යක්ෂවරිය පත් කරගෙන. ඒ අධ්‍යක්ෂවරිය ඇවන්ගාඩ් එකේ එක්කෙනාට කතා කලේ කාගෙ ගෙදර ඉදලද කියලා දැක්කනේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ රජය කිසිසේත්ම ප්‍රශ්ණයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ.

මේකේ ප්‍රසම්පාදන කටයුතු ඉවර වුණාට පස්සේ අපි කතා කරමු. වරදක් තියෙනවා නම් බොහොම ගෞරවයෙන් ඒවා ගැන සොයා බලනවා. හැබැයි මතක තියාගන්න මේ කමිටුවේ ඉන්නේ දේශපාලඥයෝ නෙවෙයි. මේකට කැබිනට් එකෙන් අනුමත කරපු ටෙන්ඩර් මණ්ඩල තියෙන්නේ. ඒ ටෙන්ඩර් මණ්ඩල හරියට ඒ දේවල් කරනවද කියලා ඔබතුමාත්, මමත් අපි හැමෝම බලමු මේවායේ හො’රකම් වෙනවද කියලා.

ඒ වගේම මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ ඔබතුමා නෙවෙයි හුඟක් අය පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාදවලට මුවා වෙලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ සමාගම් නියෝජනය කරන්න එපා. ඒක ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒක වැරදි දෙයක්. ඒ දේ කරන්න එපා. ඒක දේශපාලඥයින් හැටියට ඔබතුමාලටත් හොද නෑ. අපි කාටත් හොද නෑ. ඒක තමයි මේ රටට වෙලා තියෙන්නේ.

2015ට ඉස්සෙල්ලා රටක් වටින නායකයෙක් වුන මහින්ද රාජපක්ෂ මහත්මයාට ම’ඩ ගැහුවා, අගෞරව කෙරුවා. මේ රටට සාමය ගෙනාව නායකයා. ඔහුගේ පවුල අයට ම’ඩ ගැහුවා. රත්තරං අශ්වයෝ, ලැම්බෝගිනි, හෙලිකොප්ටර් ඕවා ගැනනේ කිව්වේ. බකිංහැම් මාලිගාව ඇමරිකාවේ තියෙනවා කියලනේ කිව්වේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඉතාමත් විනිවිද භාවයකින්, ඉතාමත්ම පිරිසිදු විදිහට තියෙන ටෙන්ඩර් එකක් සම්බන්ධව අපි බලමු මේ ටෙන්ඩර් එක දුන්නට පස්සේ. මට පුදුම ඔබතුමාට කවුරුහරි දුන්න එකක්, ඔබතුමා නම් කොම්පැනි පස්සේ යන්නේ නෑ. අනිත් හුඟක් අය යනවා. හුඟක් ඉන්නේ ඒ සාක්කුවල. ඔබතුමා යන්නේ නෑ. ප’ට්ට හො’රු ටික දැන් යනවා ඒ සමගම පස්සේ. අපේ රජය විනිවිදභාවයක් ඇතුව වැඩ කරන්නේ.

ටෙන්ඩර් එක දුන්නට පස්සේ අපි හොයලා බලමු. මොනවා හරි ප්‍රශ්ණයක් තිබුණොත් අපි එදාට වාඩිවෙලා කතා කරමු. අපි කිසිම ප්‍රශ්ණයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඔබතුමා කියපු ටෙන්ඩර් මණ්ඩලය තුනක් හිටපු එක පහකට වැඩි කරලා තියෙන්නේ. එක ඉතාමත්ම හොද දෙයක්. ඒක කල යුතුම දෙයක් කියලා අපි පිලිගන්නවා. මොනවා හරි වුනොත් අපි ඒ ගැන හොයලා බලමු. මේක හැංගිලා කරන්න බෑනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here