කිලෝ 20 අල බහින මේනකගෙ අරුම පුදුම රතු මඤ්ඤොක්කා

0

ගලේවෙල, මොරගොල්ල ප්‍රදේශයේ පදංචි ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්නගේ වගා බිමේ ඇති මඤ්ඤොක්කා වගාවෙන් එක් ගසකින් කිලෝග්‍රෑම් පහළොවක් විස්සක් අතර අල ගලවන බව වාර්තා වෙයි.

“මගේ වත්තේ දැනට ඉන්දලා තියෙන මඤ්ඤොක්කා ගහකින්ම කිලෝග්‍රෑම් විස්සත් විසිපහත් අතර අලම තමා මේ වෙනකල් ගැලව්වේ. ඊට වැඩි මිසක් අඩු වෙලා නෑ.

අනික මම හිතනවා වගාවේ සාර්ථකත්වයට හේතුව කියලා කිසිම රසායනික පොහොරක් පාවිච්චි නොකළ එක. මම දැම්මේම කොළ රෝඩු පු’ච්චන අළු ටික වගේම වත්තේ එකතු වෙන කුණු රොඩු ටික විතරමයි. මම ර’සායනික පොහොරවල නම් වත් අඩුම තරමේ දන්නේ නෑ.’ ’ඔහු කීවේය.

මෙය රතු පැහැති මඤ්ඤොක්කා විශේෂයකි. එම මඤ්ඤොක්කා මාස නවයත් දහයත් අතර ගැලවිය යුතු වර්ගයක් බව මේනක කියා සිටියේය.

“මම මේ දවස්වල තමයි මඤ්ඤොක්කා වැව්වේ මීට කලින් කුරහන් වගා කරලා හොඳ ආදායමකුත් ගත්තා. දැනට කෙසෙල්, තල, පොල්, කටු අල වවලා තියෙනවා.

මඤ්ඤොක්කා වලට නම් ඌරාගෙන් මහ වදයක් තියෙන්නේ. තව දෙයක් මගේ වත්තේ වවලා තියෙන මඤ්ඤොක්කා ගෙඩි වලිනුත් පැළ එනවා. ඒ පැළත් කට්ටිය ඇවිත් අරන් යනවා. සමහර ලොකු අල කඩවලින් ගන්නෙත් නෑ නේ තැම්බෙන්නේ නෑ කියලා.

මගේ වත්තේ අල නම් කොච්චර ලොකු වුණත් හොඳට ලෙල්ල ගැලවිලා ළිපේ තිබ්බ ගමන් තැම්බෙනවා. ඒක තමයි අපේ වගාවේ විශේෂත්වය වෙන්නේ.’’ මේනක වැඩිදුරටත් කියා සිටියේය.

පොළොවේ හැඩ අනුවද මඤ්ඤොක්කා අල වෙනස් වෙනස් ස්වරූපය ගන්නා බව මේනක කියා සිටියේය.

කේ. කේ. ආරියදාස – දඹුල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here