දහයියා කරලින් විදුලිය…තිස්සමහාරාම චන්දනගෙන් සුපිරි වැඩක්

0

තිස්සමහරාමයේ මොල් හිමියකු වන චන්දන ප්‍රසංග රටේ බලශක්තිය සඳහා දායක කරගත හැකි සම්පතක් වන දහයියා ප්‍රයෝජනයට ගෙන විදුලි උත්පාදනය කිරීමේ යන්ත්‍රයක් සදා ඇත්තේ මීට වසර පහකට පෙරයි.

නමුත් ඒ සඳහා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් අවසරය ලබා නොදීම පිළිබඳ “අරුණ පුවත්පතට අදහස් දැක් වූයේ නිපැයුම්කරුවකු ලෙස පත්ව ඇති අ’සීරුතාවද පෙන්වා දෙමිනි.

පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දීම නිසා විදුලිබල ක්ෂේත්‍ර අ’ර්බුදයකට ලක්ව තිබේ. ශීඝ්‍රයෙන් වැඩි වන ජනගහනයට අනුරූපව ඉහළ යන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය බල ශක්තිය නිෂ්පාදනය කිරීමට තමන් වැනි තරුණ ව්‍යවසායකින්ට අවස්ථාව ලබාදීමට රජයේ නිසි මඟ පෙන්වීමක් හෝ දායකත්වයක් ලබා නොදීම රට අඳුරේ තැබීමට අද හේතු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

තාප බලය උත්පාදනය කර ගැනීමට බොයිලේරුවලට අවශ්‍ය තාපය නිපැයුමට “දහයියා කරලක්’’ ලෙස නිෂ්පාදනය කරන ලංකාවේ ඇති එකම නිෂ්පාදනාගාරයේ හිමිකරු වන්නේ චන්දනයි. නමුත් සිදුව ඇත්තේ පුනර්ජනනීය බලශක්ති අධිකාරියෙහි ලියා පදිංචි වී වසර පහක් ගත වී ඇතත් මේ වන තුරු විදුලි බලමණ්ඩලයේ අනුමැතිය ලැබී නොතිබිමයි.

ඒ පිළිබඳ අරුණ පුවත්පත සමග චන්දන ප්‍රසංග පැවසුවේ මෙවැන්නකි.

“සහල් නිෂ්පාදනයෙන් ඉවත් කරලා ගිනි තියලා විනාශ කරන දහයිය උපයෝගි කර ගෙන විදුලිය උත්පාදනය කරන එක තමයි මගේ අරමුණ. මේකෙන් තිස්සමහරාම ප්‍රදේශයේ ජීවත් වන පවුල් 4000කට වැඩි පිරිසකගේ දෛනික විදුලි අවශ්‍යතාවන් සපුරාලන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

නිෂ්පාදනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතිය එක්කර ගැනීමට විදුලි බල මණ්ඩලය එකඟ වීමේ ගිවිසුමකට එනවා නම් අවශ්‍ය යන්ත්‍ර උපකරණ ගෙනැල්ලා කඩිනමින් විදුලිය නිෂ්පාදනය කරන්න මට පුළුවන්. ඔහු කීවේය.

දහයියා දහනය කර ලබා ගන්නා තාපය මගින් ජලය වාෂ්ප කර එමගින උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කර එක් යන්ත්‍රයකින් පැයකට මෙගා වෝට් 2 -4ක විදුලියක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට මෙමගින් හැකි වේ.

දැනට පෞද්ගලික අංශය විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘති 295ක් පමණ ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘති ඒකාබද්ධ ධාරිතාව මෙගා වෝට් 718, 334 පමණ වේ. එහෙත් පුනර්ජනනීය බල ශක්ති අංශයේ සාර්ථකත්වයට බාධාවක් වන කරුණු බොහොමයකට ආයෝජකයන් මුහුණ පා සිටිති.

මින් ප්‍රධාන ගැටලුව ලෙස රජයේ අනුමත ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට වසර ගණනාවක සිට බලා සිටීමට සිදුවීමත් විදුලිබල මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම මෙන්ම ජාල සම්බන්ධතා ප්‍රමාද වීමත් බව ඔහු පැවසුවේය.

පුනර්ජනනීය බලශක්තිය අංශයේ සාර්ථකත්වයට පනවා ඇති ආනයන සීමාවන් හේතුවෙන් මේ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමේ දුෂ්කරතාවලට මොවුන්ට මුණදීමට සිදුව ඇත. රජය සෘජු ලෙස මෙයට මැදිහත් වෙලා පුණර්ජනනීය බලශක්තිය ආයෝජනය කරන්න සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙනව නම් එයින් රටට විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලබාදීමට හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ.ඒ පේමසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here