හරීන් සහ මනූෂ කරපු දෙයින් පොලිස් නිළධාරීන්ගේ වැඩ ත’හනම් වෙන්න යයි.

0

2022-02-25 දින පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කල ප්‍රකාශය

මේ ශෝක යෝජනා ගේන දවසේ වෙනත් දේවල් කතා කරන්න මම පුද්ගලිකව කැමති නෑ. නමුත් මේ ටෝච් එක නෙවෙයි ප්‍රශ්ණය. පොලීසියේ නිළධාරීන් මාව දැනුවත් කලා පැය බාගයක් විතර.ඔවුන්ගේ වැඩ ත’හනම් කරන්න හදනවා. ඒක වැරදියි. ඒ පොලිස් නිළධාරීන් කිව්වෙ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ බෑග් එකේ ටෝච් එකක් තිබිලා එයාගේ පුද්ගලික දෙයක් කියලා වේත්‍රධාරීතුමාටත් දන්වලා කොහොමහරි ඒක අරගෙන ඇවිත් තියෙනවා.

මීට වැඩිය බ’රපතල ප්‍රශ්ණයක් තියෙනවා. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාත් නැවත වරක් එලියට ගිහින් පාර්සලයක් අරන් ඇවිත් තියෙනවා. ඒ පාර්සලය ස්කෑන් එකට දාද්දි ගෙනියන්න එපා කියද්දි, බ’ලහත්කාරයෙන්ම ගෙනියලා තියෙනවා. මේකයි ගැ’ටළුව. කිරිඇල්ල මැතිතුමා එක්ක මමත් එකඟ වෙනවා.අපිත් මෙතන ර’ණ්ඩු වෙලා තියෙනවා. කොල හංගගෙන ඇවිල්ලා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. අපිට ඒක ගැටලුවක් නෙවෙයි.

හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඉතිහාසේ බෝ’ම්බ ග’හලා තියෙනවා.බත් පාර්සලේ බෝ’ම්බ අරන් ඇවිත් ඇති වෙච්ච සිද්ධි මේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙනවා.ඊළගට ඉතිහාසයේ දේවල් ඇදගන්න මම කැමති නෑ. පි’හියක් අරගෙන ඇවිල්ල ප්‍රසන්න රණවීර මැතිතුමාගේ බෙ ල්ලට තිබ්බා.

නොයෙක් දේවල් වෙලා තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. හැබැයි මේ වගේ පාර්සලයක් බ’ලහත්කාරයෙන් ගෙනියනවා කියන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙම ගෙනියනකොට මොනවද කරන්නේ කියලා ඒ නිලධාරීන් අහනවා. ගෙනියන්න එපා කියලා ඒ නිලධාරීන් ඉල්ලීමක් කරනවා. ඒ සේරම ආරක්ෂක කැමරාවල තියෙනවා. ඒ අයගේ වැඩ ත’හනම් කරන්නේ නැතුව මේ ගැන හොයන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අය අහිංසක පොලිස් නිළධාරීන්.

අද උදෙත් කිව්වා ඇමතිතුමා කොහොමද අපි මන්ත්‍රී කෙනෙක් බලෙන් නතර කරන්නේ කියලා. ඒ මන්ත්‍රීතුමා ටෝච් එක ගෙනිච්ච එක නෙවෙයි. දෙවනිපාර බ’ලහත්කාරයෙන් පාර්සලයක් ගෙනියපු එක වැරදියි. මෙකෙන් මහා වි’නාශයක් වෙන්න පුලුවන්. මේකට අතිගරු ජනාධිපතිතුමා එනවා, අගමැතිතුමා එනවා, විපක්ෂ නායකතුමා එනවා, හිටපු ජනාධිපතිතුමා, ඇමතිවරු, මන්ත්‍රීවරු මේ හැමෝම එනවා. මේකේ ගෙනත් මීට වඩා විනාශයක් වුනොත් එහෙම. අපි දැක්කා පාස්කු සිද්ධියේදි වෙච්ච දේ. 97 වතාවක් කියලත් කිසි දෙයක් කරන්නේ නැතුව මිනිස්සු තුන් හාරසීයක් මැ’රුණා.

ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා. මේක හොයන්න පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න. ඒ නිලධාරීන් කියන්නේ රාජකාරියට බා’ධා කිරීමක් කියලා. මේ වගේ දෙයක් නොවෙන්න මේ ගැන හරියට හොයන්න. ඔබතුමාලා ඇවිත් උ’ද්ඝෝශණය කරන්න. අපි කවදාවත් බා:ධා කරන්නේ නැහැ.ප්‍රශ්ණයක් නෑ. ඒවා අපිත් කරලා තියෙනවා.

නමුත් මේ විදියට පාර්සලයක් බ’ලහත්කාරයෙන් ගේනවා කියන්නේ ඒක වැරැද්දක්. ඒවා සී සී ටී වී වල තියෙනවා. මේ වගේ දෙයක් නැවත මතු නොවෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අර අහිංසක පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අතින් අල්ලගෙන කෙරුවා නම් ඔහුට ලොකු ප්‍රශ්ණයක්.

ඒ හිටපු ඔක්කොම නිළධාරීන්ගේ වැඩ ත’හනම් කරන්න හදනවා. ඊට වැඩිය හොදයි මේ වැරැද්ද කරපු අයට, රාජකාරියට බා’ධා කරපු එක ගැන හෙයලා ඒකට නීත්‍යානුකූලව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.මෙතනින් පස්සේ මේ වගේ දෙයක් නොවෙන්නත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන්න කියලත් ඉල්ලීමක් කරනවා.

අපි කවුරුත් අත්අඩංගුවට ගන්න කියලා නෑ. අපි කියන්නේ මේ වගේ බ’රපතල ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. ඔබතුමා නි’යෝග කරලා තියෙනවා ඒ ගැන හොයන්න. රාජකාරියට බා’ධා කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. මේ විදියට තමයි ගරු කතානායකතුමනි අර බොරැල්ල පල්ලියේ ගිහින් බෝ’ම්බ තියල රෝහලේ බෝ’ම්බ තියලා, බෙල්ලන්විල පන්සලේ බෝ’ම්බ තියපු අය දැන් එලිවේගන යන්නේ. ඒ නිසා මේවට ඉඩ දෙන්න විදියක් නෑ. මේ පිලිබද සාධාරණ පරීක්ෂණයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here