මහාචාර්ය මොළයක් ඇති අවුරුදු නවයේ පුංචි පුතා.

0

සංකෙත් දිල්නුක විජේසේකර වයස අවුරුදු නවයක පුංචි පුතෙකි. අවුරුදු නවයක් වුණ සංකෙත් මේ වෙද්දී පොත් දාහකටත් අධික සංඛ්‍යාවක් කියවා ඇත. පුංචි සංකෙත්ගේ විනෝදාංශය වන්නේ පොත්පත් කියවීමය. ඒ අතරින් ඔහු වැඩි වශයෙන් කියවා ඇත්තේ ක්ෂු’ද්‍ර ජීවීන් සම්බන්ධව ලියවුණු පොත්පත්ය. අනාගතයේදී ක්ෂු’ද්‍ර ජීවීන් සම්බන්ධ විද්‍යාඥයකු වීම සංකෙත්ගේ පැතුම වන්නේය.

දීපිකා ප්‍රියදර්ශනී සහ සමන් විජේසේකර සංකෙත්ගේ දෙමව්පියෝ වූහ. විවාහ වී වසර නවයක් ගතවුවද දීපිකාටත් සමන්ටත් දෙමව්පියන් වන සිහිනය සැබෑ වූයේ නැත. ඔවුන් දරුවකු වෙනුවෙන් නොකළ වෙදකමත් නැති තරම්ය.නොවුණ බාරහාරයක් නැති තරම්ය.

පැටවුන් ලැබෙන්නට සිටින වැ’ස්සියන් පවා නිදහස් කළහ. දරුවකු පතමින් දීපිකා කිහිපවතාවක්ම තම රු’ධිරය පවා දන් දුන්නාය. ඔවුන්ගේ එකම පැතුම වූයේ තම ආදරණීය පුංචි කැදැල්ලට දරු පැටවකුගේ සිහිනය දකින්නටය. ඔවුහු ජීවිකාව සඳහා තම ව්‍යාපාරයක් මාතර නගරයේ කරගෙන ගියහ.

දීපිකා කවදා හෝ දිනක තම කුසින් තමන්ට දරුවකු බිහිවන බව විශ්වාස කළාය. දීපිකා මනෝ විද්‍යා සම්බන්ධ පොත්පත් කියවා තම හිත නිරන්තරයෙන් හදාගත්තාය. මනෝ විද්‍යා පොත්පත්වල ඇති යහපත් සිතිවිලි කොළ කැබැල්ලක ලියා ඇය එය නිතරම තම ඇස ගැටෙන බිත්තිවල ඇලෙව්වාය.හිත හැදෙන යහපත් වැකි ඇය නිතර කියෙව්වාය. ඇය නිරන්තරයෙන් ධනාත්මකව සිතූ මවකි. දරුවකුගේ සිහිනය ගැන කුමක් හෝ හෝඬුවාවක් නොමැති කාලයේදීත් බිහිවන දරුවා උස් මහත් කොට ඒ ලබාදෙන ආදරය ගැන ඇය සිතුවාය.

දීපිකාගේත් සමන්ගේත් හීනය හැබෑ විය. 2012 වසරේදී ඇය පුංචි පුතෙක් බිහිකළාය. ඒ සංකෙත් දිල්නුක විජේසේකරය. සංකෙත්ගේ දෙමව්පියන් ගමේ විහාරස්ථානයට බොහෝ සමීප බෞද්ධයෝය. කුඩා කාලයේදීම හාමුදුරු නමකගේ රුවක් පුවත්පතක හෝ දුටු හැම මොහොතකම සංකෙත් වඳින්නේය.ඔහු බුදුදහමට ලැදි දරුවෙකි. නැකතට ඉඳුල් කට ගෑමේ දිනයදා සංකෙත් මුලින්ම අතට ගත්තේ ඈතින් තිබූ පොතක්ය. නොතේරෙන වයසේ සිටම දීපිකාත් සමනුත් සංකෙත්ට ඇසෙන්නට පොත් කියවූහ. ඔහුට දීපිකා බත් කැව්වේද පොතක් කියවමිනි.

පුතා එයාට තේරෙන කාලේ ඉඳන්ම ගෙදරට සොසේජස් ගේන්න එපා කිව්වා.එයා ම’ස් මාළු කන්න කැමැති නැහැ. මෙයා ටිකක් කෙට්ටු දරුවෙක්. ලොකු වුණාම වෙජිටේරියන් වුණාට කමක් නැහැ. දැන් පොඩ්ඩක් කන්න දෙන්න කියල අපිට එයාව බලපු දොස්තර මහත්තයා කිව්වා. දැන් එයා අතින් ම ස් මාළු කන්නේ නැහැ. අපි බත් අනලා කැව්වොත් කනවා. ඒත් එහෙම කැමැත්තක් නැහැ.

පුතා තලන බටු, තිබ්බටු, වට්ටක්කා වගේ ගමේ එළවළු කන්න කැමැතියි. අපිට ආසාවටවත් ගෙදර ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගත්තොත් හෝ පිටින් කෑම ගෙනාවොත් අම්මා මට තලන බටුයි බතුයි උයලා තියන්න කියලා කියනවා. හදිස්සියේ අපි කොළඹ වැඩකට ගියත් තලනබටු, වට්ටක්කා එක්ක බත් ටිකක් ගෙදරින්ම අරගෙන යනවා. යැයි සංකෙත්ගේ මව දීපිකා දේශයට පැවසීය.

සංකෙත් මාතර ශාන්ත තෝමස් විදුහලේ හතර වසරෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.පුතා එක වසරේ ඉඳිද්දීම අපි විජය පත්තරේ ගත්තා. ඒකේ තිබුණ චිත්‍ර තරඟයකට පුතා මම දකින සිහිනය යටතේ චිත්‍රයක් ඇඳලා පළමු පනස් දෙනා අතරට තේරුණා. එදා ඉඳන් මම හැමදාම විජය පත්තරේ අරගෙන මෙයාට ඇහෙන්න පත්තරේ කියෙව්වා. ඒකට පුතා ගොඩක් කැමැති වුණා. පුතා අදටත් විජය පත්තරේ අරගෙන කියවනවා.ඒකෙන් කියවන්න එයා ගොඩක් ආස කළා. මේ වෙද්දී පුතා විද්‍යා පොත් තමයි කියවන්න වැඩියෙන්ම කැමැති… එයා කියවන දේවල් දැකලා මටත් හිතාගන්නවත් බැහැ. එයාගේ වයසේ දරුවෙකුට වඩා බොහෝ පොත් පුතා කියවලා තියෙනවා… දීපිකා ප්‍රියදර්ශනී වැඩිදුරටත් පැවසීය.

දිනක් සංකෙත් තම මව සමඟ අම්මේ මට ක්ෂු’ද්‍ර ජීවීන් ගැන කියවෙන පොතක් ගෙනැත් දෙන්න යැයි කිව්වේය. ඒ වෙද්දී දීපිකා මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියාය. පුතේ දැන් මම උයනවනේ… යැයි දීපිකා පැවසුවද මට රූට කෑම නැතිවුණත් කමක් නැහැ. මට ක්ෂු’ද්‍ර ජීවීන් ගැන තියෙන පොතක් ගෙනැත් දෙන්න යැයි සංකෙත් පවසා ඇත. ඒ වෙද්දී සංකෙත් විජය පුවත්පතේ ක්ෂු’ද්‍ර ජීවීන් සම්බන්ධ ලියවුණ ලිපියක් කියවා ඇත. එයින් ඔහුට මේ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙනගන්නට ආසාවක් ඇතිවුණි.

දීපිකා පොත්හලකින් ක්ෂු’ද්‍රජීවීන් සහිත පින්තූර පොතක් මිලදී ගත්තාය. නමුත් එයින් සංකෙත් සෑහීමකට පත්වූයේ නැත. ඔහුට ක්ෂු’ද්‍ර ජීවීන් සම්බන්ධව වැඩි වශයෙන් කරුණු ලියැවුණු පොතක් අවශ්‍ය විය. පසුව දීපිකා එවැනි පොතක් සංකෙත්ට මිලදී ගත්තාය. අකුරු කියවා ගන්නට බැරි කුඩා කාලයේදී සංකෙත්ට ඇසෙන්නට දීපිකා පොත් කියවුවද අකුරු දැනගෙන පාසල් යන්නට පටන් ගත්දා සිට සංකෙත් තනිවම පොත් කියෙව්වේය. මේ වෙද්දී ඔහු දිනකට පොතක් කියවන්නට පුරුදුව සිටින්නේය.විද්‍යා ප්‍’රබන්ධ මෙන්ම ඉතිහාස පොත් කියවන්නටද සංකෙත් වඩාත් කැමැතිය. දෙක වසර පන්තියෙ ඉඳිද්දී සංකෙත් හය වසර ඉතිහාස පොතක් කියෙව්වේය.

එහිදී තිබූ පරිනාමය සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් සොයා බලන්නට සංකෙත් උනන්දු වූවේය. සංකෙත්ට අපූරු පුරුද්දක් තිබේ. යම් විෂය කරුණක් සම්බන්ධයෙන් පොතපත කියවද්දී සංකෙත්ට කැමැත්තක් ඇතිවූ කරුණු දුටු සැණින් සංකෙත් එය තම පොතක සටහන් කර ගත්තේය. ඉතිහාසය සම්බන්ධයෙන් තමන්ට ගැ’ටලු ඇතිවන බොහෝ තැන්වලදී මාතර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කඹුරුපිටිය විමල හිමිපාණන්ගෙන් අසා දැනගන්නට පුංචි සංකෙත් අමතක කරන්නේ නැත.ළදරු පාසලේදී ඔයාගේ හොඳම යාළුවෝ කවුද? යැයි කවුරුන් හෝ විමසද්දී මොන්ටිසෝරි ටීචර්, මගේ ඩොක්ටර්, පන්සලේ ලොකු සාදු කියා කිව්වේය.

සංකෙත් ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුමට දක්ෂ ශිෂ්‍යයෙකි. එක වසර පන්තියේදී අනෙකුත් දරුවන් විවේක කාලයේදී ක්‍රීඩාංගණයට යන්නට ප්‍රියතාවයක් දැක්වුවද සංකෙත් තම ගුරුවරිය අසලට ගොස් විවිධ ප්‍රශ්න නඟන්නේය. තම පුංචි හිතට ඇතිවන විද්‍යා ගැටලු විසඳාගන්නට ඔහු උත්සාහ ගත්තේය. සංකෙත් නිවේදනයට දක්ෂ පුතෙකි. හරේන්ද්‍ර ජයලාල් යටතේ ඔහු Best Voice Media නම් ආයතනයෙන් කටහඬ පුහුණුවීමේ නිරත විය.

ඉතිහාසය ගැන තියෙන ඇල්ම නිසාවෙන්ම දෙකවසර පන්තියේදී මට ලංකාරාමයට ගිහින් සෝමාදේවි කරත්තයෙන් පැන්න තැන බලන්න යන්න ඕනේ යැයි කීවේය. දීපිකාත් සමනුත් ඔහුව ලංකාරාමයට රැගෙන ගියෝය.

එක වසරේ ඉගෙනුම ලබද්දී සංකෙත් ඉස්ගෙඩියෙකු ගෙම්බෙකු වන තෙක් බලා සිටියේය.  සංකෙත් ගහකොළට, සතුන්ට ආදරේ ඇති දරුවෙකි. මදුරුවෙක්වත් අම්මාට තාත්තාට හෝ ම’රන්නට දෙන්නේ නැත. පව් අම්මා ලෙ ටිකක් බීලා යවමු අතේ වහන මදුරුවන් දැක පුංචි සංකෙත් කියන්නේ එලෙසිනි.

පුංචි නොදරුවාගේ කාලයේදී සිටම මම ක්ෂු’ද්‍ර ජීව විද්‍යාඥයෙක් වෙනවා යැයි ඔහු කියන්නේය. ඔහු නිතරම සිටින්නේ පරීක්ෂාවෙනි. දෙක වසරේදී සංකෙත්ගේ නැන්දා මොනවද පුතේ ගේන්න ඕනේ කියා අසා තිබුණි. ඇය චීනයේ ඉගෙන ගත් කෙනෙකි. මට අන්වීක්ෂයකුයි, දුරේක්ෂයකුයි ඕනේ කියා කීවේය. ඇය ඔහුට එය තෑගි කළාය. එතැන් සිට ඔහු ක්ෂු’ද්‍ර ජීවීන් පරීක්ෂා කළේය. නිවෙසේ ඇති කාණුවේ ඇමීබාවන් ඔහුගේ පරීක්ෂාවට ලක්විය. අද වෙද්දී ක්ෂු’ද්‍ර ජීවීන් සම්බන්ධයෙන් බොහෝ දැනුමක් සංකෙත්ට ඇත.

සංකෙත් මේ දැනුම ලබාගන්නේ අන්තර්ජාලය පරිශීලනය කොට නොවේ. ඔහු බොහෝ දරුවන්සේ අන්තර්ජාලයට ඇ’බ්බැහි වුණ දරුවෙක් නොවේ. ඔහු පරිගණකයෙන් ක්‍රීඩා කරන්නේ නැත. කාටුන් බලන්නේ නැත. ඒ ලබාගන්නා සියලු දැනුම සංකෙත් දැනගන්නේ පොත පත කියවීමෙනි. මේ වෙද්දී සංකෙත් පොත් පහක් ලියා ඇත. තවත් පොතක් මුද්‍රනය වෙමින් පවති. ඔහු මේ රටට ආදරේ ඇති දරුවෙකි. තවමත් වයස අවුරුදු නවයක් වුණ සංකෙත් දිනක ක්ෂු’ද්‍ර ජීවීන් විද්‍යාඥයකු වන්නට බලාපොරොත්තුවෙන් සිටී. මට මේ දේවල් ඉගෙන ගන්න පිටරටකට යන්න වේවි. ඒ ගියත් මම ඉගෙන ගත්තු ගමන් ලංකාවට එනවා පුංචි සංකෙත්ගේ පැතුම වන්නේ එයයි.

විශේෂ ස්තූතිය හරේන්ද්‍ර ජයලාල් මහතාට/දිශානි ජයමාලි කරුණාරත්න (දේශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here