අද පෝලිම් නැත්තේ ටොයිලට් යන්න විතරයි

0

සමගි ජනබලවේගයේ රජයක් ආවාම මම අනිවාර්යෙන් නීතිය සහ සාමය ඇමැති හැටියට මේ රටේ දූ’ෂණය නවත්වනවා. අපේ නායකතුමා ප්‍රසිද්ධියේ ඒක කියලා තියෙනවා. එතුමට ආපසු හැරෙන්න බෑ දැන්. ජනතාවට පොරොන්දු වෙලා තියෙනවා. අද මිනිසුන්ගේ මුහුණුවල දකින්නට ඇත්තේ අ’විනිශ්චිතභාවය. අද කෑවොත් හෙට කන්නේ කොහොමද කියලා විශ්වාසයක් නැතැයි පා.ම. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

ඒ මහතා එසේ පැවසූයේ 26 වන දින නාරම්මල නගරයේදී පැවති රණවිරු හමුවකදීය. එම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද දවසේ පෝලිම් නැත්තේ ටොයිලට් යන්න විතරයි. මොකද කන්න බොන්න අඩු නිසා ඒ වැඩේත් ටිකක් අඩු වෙලා තියෙන්නේ. කසාද බදින තරුණයෙකුට නිකං ගෙයක් දෙනවා කියලා මේ ගොල්ලො ආවේ. තව විසිපන්දහකුත් දෙනවා කීවා. අද ගෙයක් තියා සිමෙන්ති කොට්ටයක් ගන්න නෑ. ආයි ඉතින් සිමෙන්ති කොට්ටයක් අරන් ගෙයක් හදන්න මේ රටේ තමුන්නාන්සේලාට කරන්න බැරි දෙයක් වෙනවා.

දැන් ආයිත් දර ලිප්වලට යන්න වෙලා.පරණ කටු මැටි වරිච්චි බිත්ති පැදපු ගෙවල්වලට පොල් අතු බැදලා යන්න වෙන තත්වයක් තියෙන්නේ.කලින් දහසක මුදලකට ගත්ත දෙයක් අද ගන්න වෙන්නේ එක්දහස් හයසියයක් වාගේ මිලකට. අහස උසට බඩු මිල ගිහින්. හුඟක් අයගේ අත කනකර ඒ අය ගාව නෑ. ඒවා බැංකුවල. පර්ස්වල තියෙන්නේ හැඳුණුම්පත විතරයි. වැටුප ගත්තත් සුමානෙකින් දෙකකින් ඉවරයි. ඕක තමයි ඇත්ත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here