වත්තකින් පොලොස් ගෙඩි 6ක් කැඩුවාට දවස් 14ක් රි’මාන්ඩ්.

0

නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හො’රෙන් කැඩූ බව කියන සැ’කකරුවෙකු මාර්තු මස 14 වැනිදා දක්වා රි’මාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා අද (28දා) නි’යෝග කළේය.

නිට්ටඹුව චෛවත පදිංචි අයෙකු එසේ  රි’මාන්ඩ් කෙරිණි.නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට ඊයේ (27දා) පස්වරුවේ හො’රෙන් ඇතුල් වී එහි ඇති කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා ගෙන පැ’නයාමට උත්සාහ ගත් අවස්ථාවේ වත්තේ හිමිකාර ව්‍යාපාරිකයාගේ උපදෙස් පරිදි එහි සිටි
පිරිසක් විසින් සැ’කකරු අල්ලා නිට්ටඹුව
පොලීසියට රැගෙන විත් භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

සැ’කකරු අධිකරණයට ඉදිරිපත් කරමින්
නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර මහතා කරුණු දක්වමින් නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට සැ’කකරු හො’රෙන් ඇතුල් වී එහි කොස්
ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ සැ’කකරු අල්ලා පොලීසියට භාර දී ඇති බවයි.

පොලීසියේ කරුණු දැක්වීම් වලින් අනතුරුව එසේ සැ’කකරු රිමාන්ඩ් කෙරිණි.නැවත කැදවීම මාර්තු මස 14 වනදාට කල් තැබිණි.නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ඩබ්ලිව් ඇල් රවීන්ද්‍ර මහතා ගේ උපදෙස් පරිදි එහි පොලිස් සැරයන් ජයසූරිය හා පොලිස් කොස්තාපල් එච් ආර් ඇස් කුමාර
යන මහත්වරු පැ’මිණිල්ල මෙහෙය වූහ.

වාරණ ආනන්ද ජයකොඩි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here