ගං පතුලක සැඟව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියගේ දේහය දින 03කට පසු හමුවෙයි

0

දින කිහිපයක සිට චාඕ ප්‍රයා ගඟට වැ’ටී අ’තුරුදන්ව සිටි ජනප්‍රිය තායිලන්ත රංගන ශිල්පිනියක වන තංග්මෝ නිදාගේ ම’ළ සිරුර අද සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය බ්‍රහස්පතින්දා ඇය, ඇයගේ මිතුරන් පස්දෙනෙකු සමඟ චාඕ ප්‍රයා ගඟේ බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ගඟට වැටී අ’තුරුදන්ව ඇති බවයි.

අනතුරුව 37 හැවිරිදි තංග්මෝ සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර දින තුනක් ගතවන තෙක් ඇයව සොයා ගැනීමට මෙහෙයුම් සඳහා එක් වූ කණ්ඩායම් වලට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් නොන්තබුරි පළාතේ පිබුල්සොංක්‍රම් තොටුපළේ සිට මීටර් 300ක් පමණ දුරින් ගඟේ පාවෙමින් තිබිය දී ඇගේ සිරුර අද (28) සොයාගෙන ඇති අතර ඒ වනවිටත් සිරුරට දැඩි ලෙස හා’නි සිදුව ඇති බව සඳහන්.

ඇය අනතුරට පත්වන අවස්ථාවේ දී ජී’විතාරක්ෂක කබායක් පැළඳ නොසිටි බවට අනාවරණය වී ඇති අතර ඒ අසල ඇය සමඟ බෝට්ටුවේ ගමන් ගත් මිතුරන් ද සිට නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය මේ වන විට තංග්මෝගේ දේහය පශ්චාත් ම’රණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර බෝට්ටුවේ හිමිකරුට සහ රියදුරුට බලපත්‍ර කල් ඉකුත් වූ බෝට්ටුවක් භාවිත කිරීම සහ නො’සැලකිළිමත්කම හේතුවෙන් ම’රණයක් සිදුකිරීම යන චෝ’දනා ගොනුකර තිබෙනවා.

ඇය සමඟ බෝට්ටුවේ ගමන්ගත් මිතුරන්ගෙන් ද තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රශ්න කර ඇති අතර තංග්මෝ නිදාගේ මව පවසන්නේ තම දියණියගේ ම’රණය සැ’ක සහිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here