දෙපා අහිමි වූ සමන්මලීට සරණක් වූ විදෙස් තරුණයා (VIDEO)

0

රිය අ’නතුරකින් දෙපා අහිමිවූ දඹුල්ල, වල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි සමන්මලීගේ දුක්බර කතාවක්
පසුගිය දා වාර්තා විය.අද වනවිට දෙපා දණහිසට ඉහළින්ම අහිමි වී ඇති
සමන්මලී දෛනික වැඩකටයුතු කර ගැනීමට නොහැකිව අ’සරණව සිටී.

කෙසේවෙතත් සමන්මලී පිළිබඳ පුවත සැලවීමත් සමග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ස්පාඤ්ඤ
ජාතිකයෙකු ඇයට පිළිසරණක් වූ බව අපට වාර්තා වුණි.ඒ අනුව ස්පාඤ්ඤ ජාතික ඇටෝනියෝ සරා නැමති
විදෙස් ජාතික තරුණයා විසින් සමන්මලී ට මුදලින් රුපියල් 50,000ක මුදල් පරිත්‍යාග කර තිබේ.

දින කිහිපයක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිගීරිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටින එම විදෙස්
තරුණයා, සමන්මලී පිළිබඳ පුවත සැලවීමත් සමග ඒ පිළිබඳ නිවාඩු නිකේතනයේ හිමිකරුගෙන් විමසා ඇත.

පසුව සමන්මලී ට උදව්වක් කිරීමට අවැසි බව සඳහන් කර ඇති අතර, නිවාඩු නිකේතනයේ හිමිකරු වාර්තාකරු හා සම්බන්ධ වී මෙම පරිත්‍යාග කිරීමට
ගොස් තිබේ.

විදෙස් තරුණයාගේ ජන්ම දිනය අදට (03) යෙදී ඇති බැවින් තමා මෙලෙස පරිත්‍යාගයක් සිදුකිරීමට සිතූ බව
සඳහන් කර ඇති ඔහු සමන්මලීන්ගේ නිවසට යන තුරුත් ඇය කිසිවක් දැන නොසිටි බව අප වාර්තාකරු පැවසීය.

29 හැවිරිදි නයෝමි සමන්මලී සේනස්නාරන්න පෞද්ගලික හේතුවක් සඳහා සැමියා සමග යතුරුපැදියෙන් නාඋල ප්‍රදේශයට ගිය අවස්ථාවේ දී අ’වාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබුණි.

සැමියා විසින් සමන්මලීව මාර්ගයේ එක් පසෙකින් බස්සවා ගිය අවස්ථාවේ දී මාර්ගය හරහා ගමන් කිරීමට යෑමේ දී ඇය ලොරි රථයක ගැ’ටී දෙපා අහිමිව ඇත.

කෙසේවෙතත් සමන්මලී ට මුදල් පරිත්‍යාග කිරීමට ගිය විදෙස් තරුණයා ඇයගේ පුතු ට ද සෙල්ලම් බඩු රැසක්
ගෙන ගොස් තිබුණි.තමන් දින කිහිපයක් මෙරට රැඳී සිටින බවත් සිය මව් රටට යෑමෙන් පසුව තම මිතුරන් සමග එක්ව
සමන්මලීගේ පවුලට උදව් කිරීමට උත්සහ ගන්නා බවත් ස්පාඤ්ඤ ජාතික ඇස්ටෝනියෝ සරා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here