නොමිනිසුන් දේනෝදාහක් අහක බලද්දී සි’හිසුන් වදුරාට පණදුන් බෝසත් ගුණැති දියණිවරුන්.

0

බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැ’ටීමෙන් අ’නතුරට පත්ව තු’වාල ලබා, සිහි වි’සඥව මහා මාර්ගයේ වැ’ටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ.

මාර්ගය හරහා ගමන් ගත් වඳුරන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී පානදුර දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක ගැ’ටීමෙන් එක් වඳුරෙකු එම ස්ථානයේම මි’යගොස් අනෙකා තු’වාල ලබා සිහි විසඥව මාර්ගයේ වැ’ටී සිටියදී එම තරුණිය එලෙස ඉදිරිපත් වූවාය

බණ්ඩාරගම පානදුර මාර්ගයේ දී සිදු වූ මෙම අ’නතුර එම මාර්ගයේ ගමන් ගත් සිය ගණනකගේ නෙත ගැ’ටුණ ද කිසිවකු මාර්ගයේ සිහි විසඥව වැටී සිටි වඳුරාව අවම වශයෙන් මාර්ගයෙන් ඉවත් කිරීමට හෝ කටයුතු කිරීමට ඉදිරිපත් නොවුහ.

එම අවස්ථාවේ දී ඒ ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩුමහලේ සිය සහෝදරයාගේ මංගල උත්සවය සඳහා රූපලාවන්‍ය කටයුත්තකට පැමිණ රූපලාවණ්‍යගාරයක රැඳී සිටි තරුණිය එහි වීදුරු අතරින් මේ බව දැක වහා සිය සහෝදරිය සමග එම ස්ථානයට දිව විත් දෑතින් වඳුරා ඔසවාගෙන ගොස් මාර්ගයෙන් ඉවත් කිරීම හේතුවෙන් තවත් වාහනයකට ගැ’ටී මි’යයාමට තිබු අවස්ථාව ද මඟ හැරිණි. මි’ය ගිය අනෙක් වඳුරා ව තවත් පුද්ගලයකු විසින් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි

තු’වාල ලබා සිටි වඳුරා පදික වේදිකාව මත තබා කෑ’ගසමින් වතුර ඉල්ලා වඳුරාට පොවන අතරේ එක් අතෙකින් උගේ හිස පිරිමැදීමට තරුණිය කටයුතු කළ අතර මද වේලාවක දී සීහි වි’සඥව සිටි වඳුරා ව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට ඇය සමත් වූවාය . තරුණියගේ ක්ෂණික මැදිහත්වීමත් , වඳුරාට මූලික ප්‍රතිකාර ලබාදීමට හැකිවීමත් හේතුවෙන් වඳුරා තරමක සුවයක් ලැබීය.

මද වේලාවකින් වඳුරා එම ස්ථානයේ තිබූ කැලෑ පෙදෙසට ඉතා අපහසුවෙන් බිමින් ගමන් කළේය. අ’නතුරකින් අතකට තු’වාල ලබා වඳුරකු ඉතා අපහසුවෙන් සිටින බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාට දැන ගැනීමට ලැබීමත් සමගම වහා ක්‍රියාත්මක වූ සභාපති වරයා වඳුරා ආරක්ෂිතව රැගෙන යාම සඳහා කූඩුවක් සහ වාහනයක් එම ස්ථානයට එවා වඳුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පශු වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

වඳුරන් දෙදෙනකු තප්පර කීපයක් තුළදී තුළ දී අවස්ථා දෙකකදී සිය ජීප් රථයේ ඉදිරිපස ගැ’ටුණ ද එහි රියදුරා නොනවත්වා සිය රථය ධාවනය කළ අවස්ථාවේදී මිනිසත්කම පෙරදැරි කරගෙන වඳුරන් වෙනුවෙන් ඉදිරිපත්වූ මේ දිරිය, ගුණයහපත් දියණියට අප සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුය.

(උපුටාගැනීම – බිමල් ශ්‍යාමන් ජයසිංහ – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here