දහතුන් හැවිරිදි දරුවාගෙන් අයුතු ප්‍රයෝජන ගත් තිදරු මවට වෙච්ච දේ

0

දහතුන් හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකුගෙන් බරපතළ ලෙස අයුතු ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක් 14වැනිදා දක්වා රි’මාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇති.

එමෙන්ම පිරිමි ළමයා ඔහුගේ දෙමව්පියන්ට බාර දීමටත් සැ’කකාරියගේ ළමයින් තිදෙනා ඔවුන්ගේ පියාට බාරදීමටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනී පතිරණ මහත්මිය නි’යෝග කළාය.මෙසේ රි’මාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 29 හැවිරිදි තිදරු මවකි.

සැ’කකාරිය උණවටුනේ පදිංචිකාරියක් වන අතර පවුල් ආ’රවුලක් නිසා ඇය ටික දිනකට පෙර හික්කඩුව ප‍්‍රදේශයේ නිවසකට පැමිණ නතරව ඇත. එසේ සිටියදී එම නිවසේ සිටි 13 හැවිරිදි බා ල වයස්කාර පිරිමි ළමයා අ’පයෝජනයට යොදවාගෙන ඇති අතර පසුව ළමයා සමග අකුරැස්ස, දෙනියාය, කුරුණෑගල ආදි ප‍්‍රදේශවලටද ගොස් ඇත.

මේ අතර ඔවුන්ගේ අ’තුරුදහන්වීම සම්බන්ධයෙන් ළමයාගේ මව හික්කඩුව පොලිසියට පැ’මිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසිය කාන්තාව සහ ළමයා කුරුණෑගල ගොස් පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් පරිදි කාන්තා පොලිස් පරීක්ෂිකා සුරංගිකා, උප පොලිස් පරීක්ෂක සරත්, කොස්තාපල් සමරසේකර (12627) යන මහත්ම මහත්මීන් විසින් සැ’කකාරිය සහ ළමයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here