දරුපෙමට ලක්ෂ 15ක් ලන්සු තැබූ පෙම්වතුන් යුවලක්

0

අමිතා මැදවච්චිය ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ විභාගය අවසන් කළ පසු අනුරාධපුර හෙද විදුහලට අයැදුම් කළාය. ඒ හෙදියක වීමේ අපේක්ෂාවෙනි. අවසානයේ සුදුසුකම් සපුරා තිබීම නිසා ඇයව එම හෙද විදුහලට බඳවා ගත්තාය.

හෙද විදුහලේ පාඨමාලාව හදාරණ අතරතුර ඇයට තරුණයකු මුණගැසුණි. ඔහුද එම හෙද විදුහලේම අයෙකි. හෙද පාඨමාලාවක් හැදෑරූ ඔහු අවසන් වසරේ සිසුවෙකි. නමින් සමන් වන ඔහු අනුරාධපුරය ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මාස කීපයක් දෙදෙනා මිතුරන් ලෙස ඇසුරු කළහ. ඉන්පසු නොදැනුවත්වම එම මිතුදම ආදරයක් බවට පෙරලූනි. ඉන්පසු අමිතාගේ එකම ලෝකය බවට පත්වූයේ සමන්ය. කාටත් හොරා පටන් ගත් එම ආදර කතාව කලක් ගත වෙද්දී හෙද විදුහලේ බොහෝ දෙනකු දැන ගත්හ. ඉන් පසු දෙදෙනා එළිපිටම ආදරේ කිරීමට පටන් ගත්හ. කාලයක් එලෙස ගතවිය. සමන් පාඨමාලාව සම්පූර්ණ කර හෙද විදුහලෙන් පිටවිය. එලෙස පිටවුවත් ලද සෑම මොහොතකම ඔවුනොවුන් මුණගැසී පෙම් රස වින්දහ.

සමන්ගේ දෙමව්පියන් දිනක් ඔහුට මෙලෙස පැවසූහ.‘‘පුතේ අපි ළඟ එකතු කරගත්ත සල්ලි වගයක් තියෙනවා. අපි ඒක ඔයාට දෙන්න හදන්නේ.‘‘මට”ඔව් ඔයාට තමයි. හැබැයි නිකන් වියදම් කරන්න නෙවෙයි. ඒකෙන් මොකක්හරි කරන්න බලන්න.”අම්මල දන්නවනේ මම නිකන් සල්ලි වියදම් කරන්නේ නැහැ කියලා.”ඔව් ඒක දන්න නිසා තමයි අපි ඔයාට මේ සල්ලි දෙන්නේ. ඔයා කල්පනා කරලා බලන්න ඒ සල්ලි වලින් මොනවද කරන්නේ කියලා.”

‘‘මගෙ ළඟ අයිඩියා එකක් නම් තියෙනවා.”ඒ මොකක්ද?”පොල් ඉඩමක් අරන් දාන්න.”ඒක නම් හොඳ අදහසක්.”ඒක තමයි මමත් කල්පනා කළේ. දැන් පොල් ගෙඩියක් කීයද බලන්න. ඉදිරියේදී තවත් වැඩි වෙනවා.”අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ. පුතා හොයලා බලලා හොඳ දෙයක් කරන්න. අපි සල්ලි දෙන්නම්.”හරි එප්පාවල පැත්තෙ අඩුවට පොල් ඉඩම් තියෙනවලූ. මම හොයල බලන්නම්.”

ඒ අනුව සමන් දෙමාපියන් දෙන රුපියල් ලක්ෂ 15ක මුදලින් එප්පාවල ප‍්‍රදේශයේ පොල් ඉඩමක් මිලදී ගැනීම සඳහා සොයා බැලූවේය. ඒ බව තම පෙම්වතිය ද පැවසුවේ ය.එය අසා ඇය ද මහත් සේ සතුටට පත් වූවාය. ගැනුම්කරුවකු මාර්ගයෙන් එප්පාවල ප‍්‍රදේශයේ ඇති පොල් ඉඩමක් ගැන සමන්ට තොරතුරු දැනගන්නට ලැබුණි. ඒ අනුව දිනක් ඔහු එම ඉඩම බැලීම සඳහා ගියේය. එහිදී ඔහුට තවත් පුද්ගලයන් දෙදෙනකු මුණ ගැසුණි. එලෙස මුණගැසුනු පුද්ගලයන් ඔහුට මෙලෙස පැවසුවේය.

මහත්තයා අපි ඔයාට ඕන තරම් පොල් ඉඩම් හොයා දෙන්නම්. ඒත් දැන් තියෙන රටේ තත්ත්වෙත් එක්ක පොල් ඉඩම් නඩත්තු කරන්න බැහැ. ලොකුම ප‍්‍රශ්නය පොහොර ගැටලූව.”ඔව් එහෙම ප‍්‍රශ්නයක් නම් තියෙනවා. ඒත් හැමදාම මෙහෙම වෙන එකක් නැහැනේ.”ඕවා කියන්න බැහැ මහත්තයා කවද හරියයිද කියලා. ඒක නොවෙයි මහත්තයට හොඳ යෝජනාවක් ගේන්නම් හැබැයි මහත්තයා කැමති නම් විතරයි.”

‘‘මොකක්ද ඒ.”මේක අපි කාටවත් කියන්නේ නැහැ. මහත්තයා දිහා බැලූවම පේනවා විශ්වාසවන්ත කෙනෙක් කියලා. ඒකයි කියන්නේ. මහත්තයට කෝටි ගාණක් හොයාගන්න පුළුවන්.”කියන්නකො බලන්න මොකක්ද කියලා.”මේක කියන්නේ එක කොන්දේසියක් මත.”මොකක්ද ඒ කොන්දේසිය.”

අපි කියන වැඬේට මහත්තයා අකමැති නම් වෙන කාටවත් ඒක කියන්න බැහැ. ඒ විශ්වාසය උඩ තමයි මේ කතාව කියන්නේ.”ඒ ගැන කිසිදෙයකට බය වෙන්න එපා.”අපේ යාලූවෙක් ළඟ නිධානයකින් ගොඩදාපු රත්තරන් වගයක් තියෙනවා. එයා ඒවා විකුණගන්න කෙනෙක් හොයනවා. වැඩිය ඉගෙන ගෙනත් නැහැ මනුස්සයා. කෝටි ගාණක් වටිනා රත්තරන්. අපිට අඩුවට ගන්න පුළුවන්.

කවුද දන්නේ ඕවා ඇත්ත ඒවා ද කියලා. කෝටි ගාණක් වටිනවනම් ඕගොල්ලන්ට විකුණගන්න තිබුණනේ.”අනේ මහත්තයෝ අපිට ඒ වගේ සම්බන්ධතා නැහැ. අපි ගමේ මිනිස්සුනේ. මහත්තයගේ මූණ බැලූවම හොඳයි කියලා පේනවා ඒකයි කිව්වේ.”ඇත්තටම ඕවා නිධානයකින් ගත්තේ ඒවද?”

‘‘ඇයි නැත්තෙ. අපි ඒවා ගොඩ ගත්ත තැනටත් ගියා. කැමතිනම් මහත්තයත් එක්ක යන්නම්. නියම දඹ රත්තරන්.‘මට ඕවා විශ්වාස කරන්න බැහැ.”ශ්වාස නැත්නම් එන්න අපිත් එක්ක. අදම ගිහින් බලමු. අපි ගන්න කියලා බල කරන්නෙ නැහැ. ගියහම බලාගන්න පුළුවන් කොහොමද කියලා රත්තරන්වල වටිනාකම.”කමක් නෑ කියන එකේ යමුකෝ බලන්න.”

සමන් ඒ අනුව එම පිරිස සමග ප‍්‍රදේශයේ යම්කිසි ස්ථානයකට ගියහ. එලෙස ගිය ඔහුට එක්තරා පුද්ගලයකු ළඟ ඉතා රහසිගතව සඟවා තිබූ රත්තරන් කැබැලි කිහිපයක් පෙන්නුවේය. ඔහු ඒවා කිහිප වරක්ම හොඳින් පරික්ෂා කර බැලූවේය. එහිදී ඔහුට අවබෝධ වූයේ ඒවා ඉතා පැරණි රත්තරන් බවයි. ඒ සමඟම එම පිරිස පැවසුවේ පොල් ඉඩම මිලදී ගැනීම සඳහා ළඟ තිබෙන රුපියල් ලක්ෂ 15 ක මුදල ලබාදී රත්තරන් තහඩු කිහිපය රැගෙන යන ලෙසයි. ඒ පිළිබඳව පසුව දන්වන්නම් කියා ඔහු එම ස්ථානයෙන් පිට වී ගියේය.

සමන් එදින නිවසට ගියේ දහසක් බලාපොරොත්තු සිතේ තබා ගෙනයි. ඔහු සිතුවේ අහිංසක ගැමි මිනිස්සුන්ට එම රත්තරන් විකුණා ගැනීමට නොහැකිව ලතවෙන බවයි.එදින ඔහු තම පෙම්වතියට ඒ බව මෙලෙස පැවසුවේය.බබා දන්නවද වැඩක්.”නැහැ ඒ මොකක්ද?”මම අද පොල් ඉඩමක් බලන්න ගියානේ එප්පාවල පැත්තේ.”ඔව් ඉතින්.”

එහිදී මට මිනිස්සු වගයක් හම්බ වුණා. ඒ මිනිස්සු ළඟ නිධානයකින් ගොඩගත්ත රත්තරන් තහඩු කිහිපයක් තියෙනවා. ඒ අය මට ඒවා ගන්න කිව්වා.”ඔයාට පිස්සුද ඒව බොරු ඒවා වෙන්නැති.”මමත් මුලින් හිතුවේ එහෙම තමයි. පස්සේ ගිහින් බැලූවා. ඒවා නම් ඇත්තම රත්තරන්.ඇයි ඉතින් ඒ මිනිස්සු ඒවා විකුණන්නේ නැත්තෙ.”

‘‘ඒ මිනිස්සු ගම් වල ඉන්න අහිංසක අය. ඒකයි විකුණගන්න බැරුව ඉන්නෙ.”අනේ මන්දා ඔයාට විශ්වාස ද ඕවා.”ඔව් ඔව් මම හොඳට බැලූවා. ඒ මිනිස්සු ගොඩක් අහිංසකයි. හැබැයි ඒ ටික ගත්තොත් කෝටි ගාණක් අපිට හොයාගන්න පුළුවන්. එතකොට කිසි ප‍්‍රශ්නයක් නැතුව අපිට ජීවත් වෙන්නත් පුළුවන්.”

‘‘ඔයාගේ කැමැත්තක්.”මේක කාටවත් කියන්න නරකයි. මුලින්ම ගිහිල්ලා සල්ලි දීලා ඒ රත්තරන් තහඩු ටික ගන්න ඕනා. පස්සේ හෙමිහිට විකුණනවා.”

අවසානයේ සමන් තීරණය කෙරුවේ තම දෙමව්පියන් ලබාදුන් රුපියල් ලක්ෂ 15 ක මුදලින් එම රත්තරන් තහඩු කැබලි කිහිපය මිලදී ගැනීමටයි. ඒ අනුව ඔහු එම මිනිස්සුන්ට දිනයක් පවසා එදින රත්තරන් තහඩු කිහිපය මිලදී ගැනීම සඳහා පැමිණෙන බව පැවසුවේය.

නියමිත දිනය උදා විය. සමන් මුදල්ද රැගෙන එම මිනිසුන් මුණගැසීමට ගියේය. එලෙස ගිය ඔහු රුපියල් ලක්ෂ 15 ක මුදල දී එම රත්තරන් තහඩු කිහිපය රැගෙන යළි පැමිණියේය. එලෙස පැමිණි ඔහු එම රත්තරන් තහඩු කිහිපය නිවසේ සුරක්ෂිතව සඟවා තැබුවේය.

දින කිහිපයක් ගතවිය. සමන් තම මිතුරෙකුට මිලදීගත් රත්තරන් තහඩු කිහිපය පිළිබඳව පවසා ඒවා විකුණාදීම සඳහා කෙනකු සොයා දෙන ලෙස පැවසුවේය. දින කිහිපයකට පසු එම මිතුරා ඒ සඳහා සුදුසු අයකු සමන්ට සොයා දුන්නේය. ඒ අනුව සමන් රත්තරන් තහඩු කිහිපයද රැගෙන ඔහු මුණගැසීමට ගියේය. එම පුද්ගලයා රත්තරන් තහඩු එකින් එක ගෙන පරීක්ෂා කර බැලූවේය.

එහිදී අනාවරණය වූයේ එම රත්තරන් තහඩු ව්‍යාජ ඒවා බවයි. එය දැනගත් පසු සමන්ට උන්හිටිතැන් අමතක විය. එක්වරම කරන්නේ කුමක්ද කියාවත් ඔහුට සිතා ගැනීමට නොහැකි විය. අවසානයේ බලාපොරොත්තු සුන්වූ සිතින් යුතුව ඔහු නිවස වෙත පැමිණියේය.

නිවසට පැමිණි ඔහු දින කිහපයක්ම එම පුද්ගලයන් සෙවීමට උත්සහ කළේය. එහෙත් පලක් නොවුණි. ඔවුන් ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට සමන්ට නොහැකි විය. අවසානයේ ඔහු තම දෙමාපියන්ට මුහුණ දෙන්නේ කෙලෙසද කියා සිතමින් දස අතේ කල්පනා කළේය. අඩුම වශයෙන් තම පෙම්වතියගෙන්ද ඔහු මෙය වසන් කළේය.

දින කිහිපයක් නොකා නොබී සමන් ඒ පිළිබඳව කල්පනා කළේය. නැතිවූ රුපියල් ලක්ෂ 15 ක මුදල සොයා ගැනීමේ මාර්ගයක්ද ඔහුට නොතිබිණි. අවසානයේ සමන් පෙම්වතියට ඉතා දුක්මුසු ලෙස තමන්ට සිදුවූ දෙය පැවසුවේය. ඒ ගැන ඇසූ ඇයද දුක්වූවාය. අවසානයේ ඇය පැවසුවේ දුක්වෙන්න එපා අපි කෙලෙස හෝ නැතිවූ මුදල් සෙයා ගමු කියාය.

සතියක් පමණ ගතවිය. එහෙත් මුදල් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එම නිසා සමන් සිටියේ ඉමහත් දුකකින්ය. ඔහුගේ පෙම්වතියට ද එය ඉවසා ගැනීමට නොහැකි වූවාය. අවසානයේ ඔවුන් දෙදෙනා එකතු වී මෙලෙස කතාබස් කළහ.

‘‘අපේ අම්මලා ළඟ නම් සල්ලි තියෙනවා. ඒත් ඉල්ලන්න විදිහක් තමයි නැත්තේ.”ඒකනේ අපි කොහොම කියලා ඉල්ලන්නද?.”ඔයාගේ ඔළුවට අයිඩියා එකක් එන්නෙ නැද්ද අපේ අම්මලාගෙන් සල්ලි ගන්න විදිහක් ගැන.එකපාරට නම් එන්නේ නැහැ.”

‘‘කමක් නෑ අපි මොකක් හරි ක‍්‍රමයක් අද කල්පනා කරමු. මම කැමති නැහැ ඔයා ඔය විදිහට දුකින් ඉන්නවට.”හැබැයි එකම ක‍්‍රමයක් තියෙනවා ඔයා කැමතිනම්.”කියන්න මම ඔයා කියන ඕනම දේකට කැමතියි. දන්නවනේ මගේ ලෝකෙ ඔයා විතරයි.”

‘‘හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්.”කමක් නැහැ කියන්න බබා.”අපි ඔයාව කි’ඩ්නැප් කරපු විදියට රඟපාමුඑහෙම කරලා ලක්ෂ 15ක් ඉල්ලමු.”කමක් නෑ ඔයාට පුළුවන්ද ඒක කරන්න.”මට පුළුවන් ඔයා දවස් දෙකක් යාළුවෙක්ගෙ ගෙදර ඉන්න.ඊට පස්සේ මම ඕගොල්ලන්ගේ අම්මලට කෝල් කරලා කියන්නම් ඔයාව කි’ඩ්නැප් කරලා තියෙන්නේ බේරගන්න ඕන නම් ලක්ෂ පහළොවක් දෙන්න කියලා.”

‘‘හරි එහෙනම් අපි ඒක කරමු. දැන් කවදද අපි ඕක කරන්නේ.”කල් දාන්න බෑ අද හෙටම කරමු.”හරි ඔයා සේරම ප්ලෑන් කරන්න මම එන්නම්.”

ඒ අනුව සමන් සියල්ල සැලසුම් කළේය. නියමිත දින ඔහුගේ පෙම්වතිය මිතුරෙකුගේ නිවසට ගොස් සැඟවී සිටියාය. සමන් තම පෙම්වතියගේ දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලබාදී පැවසුවේ දියණිය දැන් සිටින්නේ තමන් භාරයේ බවත් ඇය බේරා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 15ක මුදලක් ක’ප්පම් ලෙස ලබාදෙන ලෙසයි. එලෙස නොදුන්නොත් දියණිය ම’රා දමන බවට ද ත’ර්ජනය කළේය.”

මෙය ඇසූ එම දෙමව්පියන් ඉමහත් බි’යට පත් වූහ. තම දියණිය යන එන තැන් පිළිබඳව ද සොයා බැලූහ. එහෙත් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූහ. අවසානයේ ඔවුන් නීතියේ පිහිට පැතීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් දෙදෙනා අනුරාධපුර මූලස්ථාන පොලිස් කොට්ඨාසයට ගොස් මේ පිළිබඳව පැ’මිණිල්ලක් දැමූහ.

පැ’මිණිල්ල අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු වහා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එලෙස පරීක්ෂණ පැවැත්වූ එම නිලධාරීන්ට වැඩි වෙලා නොගොස්ම එම අ’තුරුදන් වූවා යැයි කියන හෙද සිසුවිය ගැන සියලූම තොරතුරු සොයා ගැනීමට හැකිවිය.

එලෙස හෙද සිසුවිය සොයාගත් පොලිස් නිලධාරීහු ඇයගේ ප‍්‍රශ්න කිරීම්වලින් පසු සැ:කකාර පෙම්වතා ද අත්අඩංගුවට ගත්හ. එලෙස ගෙන ප‍්‍රශ්න කිරීම්වල දී ඔහු පැවසුවේ ‘‘වං’චාකාරයන්ට රැ’වටී තම දෙමව්පියන්ගෙන් නැති වූ රුපියල් ලක්ෂ 15 ක මුදල් සොයා ගැනීම සඳහා මෙවැනි දෙයක් සිදු කළ බවයි.”

අවසානයේ අධිකරණයට නොගොස් දෙදෙනාම ඉගෙන ගන්නා සිසු සිසුවියන් බැවින් පෙම්වතාගේ සහ පෙම්වතියගේ දෙපාර්ශ්වයේ මැදිහත්වීම මත මෙම සිද්ධිය සමතයට පත් කර ගැනීමට හැකි වූහ.

ගයාන් සමරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here